IMG-LOGO

රිය අනතුරින් අයෙක් මරුට: තිදෙනකු රෝහලේ

( සිතුම් චතුරංග)

යාපනය නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් අද (26) උදෑසන ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගතකොට ඇතැයි ඕමන්ත පොලිසිය කියයි.

යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක සහ ඇගේ පවුලේ පිරිස කොළඹ සිට යාපනයට ගමන්කරමින් සිටියදී මෝටර් රථයට ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් මෝටර් රථය ධාවනය කළ කථිකාචාර්යවරියගේ සැමියා මියගොස් ඇති බවත් ඇගේ පුතා සහ තවත් ඥාතියකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කළේය.

එලෙස මියගොස් ඇත්තේ යාපනය නෙල්ලිඅඩි හි පදිංචි සංජානන්ද කුරුක්කල් ප්‍රභාකරන් නැමති 52 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික නිලධාරියකු ලෙස එම කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයකු වේ.

යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක වන සභාලක්ෂ්මි ප්‍රභාකරන් , ඇයගේ පුත්‍රයා වන අක්ෂිත් ප්‍රභාකරන් යන අය අනතුරින් බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.



අදහස් (0)

රිය අනතුරින් අයෙක් මරුට: තිදෙනකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 13 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site