(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රාමළාන් උපවාසය අවසන් කළ ආණමඩුව මුස්ලිම් ජාතිකයෝ පිරිසක් සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටදී අයි.එස් ත්රස්තයන්ට එරෙහිව අද (05) විරෝධතාවයක නිරත වූහ.
රාමළාන් උපවාසය අවසන් කිරීමෙන් පසු සංඝට්ටිකුලම මුස්ලිම් ජාතිකයින් එක්වී අයි.එස් ත්රස්තවාදීන්ට විරෝධය දක්වමින් පැවසුවේ මුස්ලිම් අපි එයිඑස් නොවේ ශ්‍රී ලාංකිකයින් බවයි.
මෙම විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවති අතර ඉන් පසුව ආණමඩුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි වඩත්ත සෝමානන්ද හිමියෝ ද එම ස්ථානයට වැඩමකර ධර්ම දේශනාවක්ද පැවැත්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොඳ ප්‍රවණතාවක්. මුස්ලිම් ජනතාවම ත්රස්තවාදීන් නොවන බව අප හොඳින්ම දන්නවා. මුස්ලිම් වේශය ගත් අයි එස් ත්රස්තයන් කරන්නේ ඔවුන්ව කවා පොවා හැදු ඇමෙරිකාවේ කොන්ත්‍රාත්තුවක්. මේ අහින්සකයින්ටත් කොයි මොහොතක හෝ අයි එස් ප්‍රහාරයක් එල්ලවෙන්නට පුළුවනි. ඒ අය අතරේ විශේෂිත ගති පැවතුම් ඇති පුද්ගලයෙක් හමුවහොත් අනිවාර්යයෙන්ම ඔවුන් ඔහුව ආරක්ෂක අංශ වලට බාර දේවි කියා මට හිතෙනවා. ඒවගේම තමයි අපේ ආරක්ෂක අංශ වල නිලධාරීන්ටත් විශේෂිත ඉවක් තියෙනවා ත්රස්තයන් ගැන. බුද්ධි අංශ වාර්තාවන් දේශපාලකයින් හට ලැබුන පසුවත් ඒ ගැන ක්‍රියා නොකිරීම නිසා සිදුවුන මහා විනාශයට දැන් වගකිව යුත්තෙක්වත් නැත. මහත්වරුනි, මහත්මියනි, ශ්‍රී ලංකාවේ දේශපාලනය කියන්නේ ඕකයි.
මෙන්න මේක තමයි අපි කීවේ සියලු දෙනාම එක්වී අන්තවාදීන් පරාජය කරන්න ඕනේ කියා. එහෙම නැතුව අර කියනවා වගේ දකින දකින අන්‍ය ජාතිකයන්ට හිංසා පීඩා කිරීම නොවේ. මම දවසක් කියලා ඇති වැරදි අවබෝධයෙන් මුලාවෙලා කටයුතු කරන සමහර මුස්ලිම් පිරිස් වලට සත්‍ය අවබෝධ කොට දුනහොත් බුදුදහමට පවා ඔවුන් පැමිණීමට ඉඩ තිබෙනවා කියා. මේ සඳහා අපේ භික්ෂුන් දක්ෂ වෙන්න ඕනේ.
මෙන්න මේකට තමයි සහ ජීවනය කියන්නේ. ස්වාමින් වහන්ස, මුස්ලිම් බැතිමතුනි, කිතුනු බැතිමතුනි, අඩුම තරමේ මාසයකට සැරයක්වත් බොදු, කිතුනු, මුස්ලිම් දරුවන් එකමුතු කොට, වැඩ මුළුවක් පවත්ව , අසරණයන්ට සරණ වීම, ස්වෙච්චා සේවය, මෛත්‍රීය , කරුණාව, මානව සහ සත්ව දයාව ඇති කිරීම සඳහා මෛත්‍රී භාවනා වැඩ සටහනක් සහ සංගීතය, නැටුම් ගැයුම් ඇතුළු වැඩ සටහන් පවත්වා දරුවන්ට එම කර්තව්‍ය දිගටම කරගෙන යාමට දිරි දෙන්න. මේ දරුවන් අතරින් රටට ආදරය කරන විද්වතුන්, ජන නායකයන් බිහිකිරීමට අත හිත දෙන්න .
රටේ අන්‍ය ආගමිකයන්ගේ ආරක්ෂාවට අවශ්‍ය නීති රීති රජය සැකසිය යුතුයි. නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන සහා අයිති ඉඩම් ආරක්ෂා කර වහාබින් අත්පත් කරගෙන ඇති ඉඩම් පන්සල් වලට පවරාදිය යුතුයි. අපිටත් ළමයි ඉන්නවා, තව අවුරුදු 5 -10 (15% උනාට පස්සේ ) ට පස්සේ අපේ ළමයින්ට ආගමක් නිදහසේ අදහන්න, දැන් ඉන්නවා වගේ නිදහසේ ඉන්න පරිසරයක් හදන්න අවශ්‍ය වටපිටාව දැන්මම හදන්නේ නැතිව චන්දෙට නම් එන්න එපා!
සාමකාමී මුස්ලිම් ජනතාව සමග අපි එකතු වෙමු.
බිස්නස් හොඳටම වැටිලා වගේ....
ඒ මේ ඇත්තටමද ඈ..
හා එකක් හරි...... දැන් ඊළඟ එකට යමු
ඕක අරාබි භාෂාවෙන් ලියන්න. සිංහල තේරෙන කවුරුවත් අරාබියේ නැහැ.
මේවා දකිනකොට හදවත උනුවෙලා යනවා.