IMG-LOGO

‘රමේෂ් පතිරණගේ‘ නිවස ඉදිරිපිටත් විරෝධතා

(ජේ.කේ.එල්. චාමින්ද , රවිලියනගේ සහ සිරංගිකා ලොකු කරවිට)

හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස ඉදිරිපිට ද  අද (04) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණි. 

ආණ්ඩුවට හා හිටපු ඇමතිවරයාට විරෝධය පලකරමින් රැස්ව සිටි විරෝධතාකරුවෝ ‘ජනාධිපතිවරයා වහා  ගෙදර යනු‘ ආදි සටන් පාඨ ද කියමින් නිවස ඉදිරිපිටදි විරෝධතාවයේ නිරතවුහ.

මෙම විරෝධතාවය නිසා ගාල්ල කිතුලම්පිටිය  මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාදා එල්ල විය. 

හිටපු ඇමතිවරයාගේ නිවසේ ගෙට්ටුවසා දමා තිබු අතර පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණි.

විරෝධතාකරුවන් හිටපු ඇමතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධය දැක්විම සදහා පැමිණිමින් සිටින අතරතුර රාජ්‍ය ඇමති මොහාන් පි ද සිල්වා මහතාගේ නිවස ඉදිරිපිටද විරෝධතාවයේ නිරතවුහ.

(ඡායාරූප: ජේ.කේ.එල්. චාමින්ද)

(ඡායාරූප: සිරංගිකා ලොකු කරවිට)



අදහස් (3)

‘රමේෂ් පතිරණගේ‘ නිවස ඉදිරිපිටත් විරෝධතා

Lalith Monday, 04 April 2022 03:30 PM

නම්බුකාර චරිතයක් තිබූ පියාගේ අපකීර්තියට පත්වුණා. පියා ගාල්ල අධ්‍යාපන මධ්‍යස්ථානයක් කරන්න උත්සාහ කළා. හපුගල ඉංජිනේරු පීඨය ඔහුගේම උත්සාහයක්. උගත් පුතා හොරුන් පස්සේ ගියා.

:       4       17

චන්දන Monday, 04 April 2022 04:31 PM

ආරංචියේ හැටියට මෙය සංවිධානය කර තිබෙන්නේ වක්වැල්ල ප්‍රදේශයේ හිටපු එජාප මන්ත්‍රීවරයෙක්... මා දන්නා තරමට ගාල්ලේ මැති ඇමැතිවරු අතරින් වංචා දූෂණ වලට යොමු නොවූ එකම අය රමේෂ් පතිරණ සහ ඔහුගේ පියා රිචඩ් පතිරණ. සියලු එජාප අයත් පොහොට්ටුවේ අනෙකුත් අයත් අන්ත දූෂිතයින්...

:       11       8

de silva Monday, 04 April 2022 06:30 PM

කවුරු සංවිධානය කළත් හොඳ වැඩක්... ගහලා එළවන්න ඕනෑ...

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 354 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site