(නිමන්ති රණසිංහ)
අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනි සංස්ථාවට කඩා වැදී මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලය බියගන්වා තර්ජනය කර සජීවී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව රොෂාන් අලි ධානිශ් අලී සහ චමින්ද කැලුම් ප්‍රිය අමරසිංහ යන දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (28) නියෝග කළේය.
මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට නියම කළේය.
මෙම සිද්ධියට අදාළව ඉහත නම් සඳහන් අය සැකකරුවන් වශයෙන් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
වරෙන්තුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රොෂාන් අලි ධානිශ් අලී නමැත්තා ලබන පළවෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කළ අධිකරණය එම සැකකරුගේ හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කළේය.
මෙම සැකකරු සම්බන්ධයෙන් මාධ්‍යවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන පළවීම හේතුවෙන් හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවට සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා එම හදුනාගැනීමේ කැරට්ටුව අවලංගු කළේය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රූපවාහිනියට කඩා පැන්න ධානිශ් අලී ඇතුළු දෙදෙනකුගේ විදෙස් ගමන් තහනම්
C.K.Lankaputhra Thursday, 28 July 2022 07:01 PM
මේ අය රූපවාහිනිය ඇතුළට ගියේ පොලිසියේ හතර දෙනෙක් එක්කනේ, අපි TV එකේ දැක්කනේ... බොරුනේ කඩා වැදුණා කියන්නේ...
Bamunuarachchi Friday, 29 July 2022 06:37 AM
එදා රූපවාහිනියේ වීරයින් වගේ රඟපෑ හැටි, අද බලුවෙලා ඉන්න හැටි රූපවාහිනියෙන්ම පෙන්වන්න. ඉදිරියටත් අරගල කරන්න යන අය පරිස්සම් වෙන්න.