රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ආරාධනයෙන් ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ශාලවේදී පැවැත් වුණී.
මෙවර කලාකරුවකුට ජිවිතයේ එක්වරක් පමණක් පිරිනමන යාවජීව සම්මානය වේදිකා නට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන කේ.බී හේරත්,ප්‍රවීණ කැමරා ශිල්පියකු වන එම්.ඩී මහින්දපාල යන මහත්වරුන්ට ලැබුණි.
ප්‍රශස්තම නළුවා සම්මානය,වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ රංඟන දායකත්වය ලබාදුන් රොෂාන් රවීන්ද්‍ර ප්‍රශස්ත නිළිය ලෙසට එම නාට්‍යයේම රංඟන දායකත්වය ලබාදුන් ජයනි සේනානායක යන කලාකරුවෝ හිමිකර ගත්හ.
මෙම අවස්ථාව සඳහා ප්‍රවීණ කලාකරුවෝ සහ රූපවානී ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගී වුහ.
(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රීගේ)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ
අජිත් Wednesday, 01 December 2021 09:48 AM
ප්‍රියසාද් දියණියන් සහ ඇන්තනී දරුවන් කිසිම කෙනෙක්ට සම්මාන නැහැ නේද. කොයි තරම් දක්ෂ ලමයිද.
sharm warn Wednesday, 01 December 2021 12:23 PM
කාගේවත් දරුවන් නිසා සම්මාන දෙන්න ඕනෙද ?පොඩ්ඩක් රොෂාන් රවීන්ද්‍ර රඟපාපු නාට්‍ය දෙක තුනක් බලන්න .රංගනය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් ඉගෙන ගන්නත් එක්කම
Bamunuarachchi Wednesday, 01 December 2021 02:08 PM
වැදගත් අවස්ථාවකට ඩෙනිමක් ඇඳගෙන ඇවිල්ලා. ඉතින් වෙන මොනවද?