
(විමුක්ති එස් රුද්‍රිගු)
මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 351.72 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 362.95 ලෙස සටහන් විය.
ඊයේ (28) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 357.68 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 366.92 ක් ලෙස සටහන් විය.ඒ අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් ශක්තිමත් වීමක් පෙන්නුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ... සාපේක්සව බඩුමිල අඩුවන්නේ නැහැ...
දැන් නම් අඛණ්ඩ වැඩ වර්ජනයකට යන්න වෙයි වගේ. නැත්නම් අරගොල්ලන්ට ඡන්ද අඩු වෙයි...
ඉස්පිරිතාලවල බෙහෙත් නෑ. සායන වලින් බෙහෙත් ගන්න වැඩිහිටියන්ගේ ජීවිත අනතුරේ. අත්‍යාවශ්‍ය බෙහෙත් ටිකවත් ගේන්න බැරි නම් කොහෙද ශක්තිමත් වෙලා තියෙන්නේ...?
ආර්ථිකේ දියුණු වෙලා වෙන්න ඇති නේ... නැතුව අර මුදල් හුවමාරු ක්‍රමය යටතේ ලංකාවට ලැබුණු ඩොලර් ටික හින්දා නෙවෙයි නේ... තාම ඉන්නවනේ බත් කන හරක්... මේ රටේ මේවා අහන....!
වැඩක් නැහැ, තව ටික දවසයි ඕක... ආයේ වැඩි වෙනවා.. ඒක ලස්සනට ඔය වෘත්තීය සමිතිකාරයෝ කරයි.
රුපියල සම්පූර්ණයන් සෝදාපාළුවට ලක්වෙලා ගණන් ගතයුතු නැතිතරම් සුළුගණනකින් රුපියල ඉහළයාම කියන්න තරම් වැදගත් දෙයක් නොවේ.
මුකුත් නොකර නිකන්ම හිටියාම එහෙම වෙනවද? මේවා තමයි යකාගේ ඉකොනොමික්ස්...!
දැන් සැපද? බඩු මිල අඩුද?
රුපියල ශක්තිමත් වීම ඉතා හොඳයි. ඒත් එක දවසට රුපියල් 6කින් වැඩි වුනේ කෙහොමද කියලා සැකයි...
සිහිය නැතුව ඉන්න ලෙඩෙක් පොඩ්ඩක් කෙඳිරි ගාලා
ඕනෑම නායකත්වයක් යටතේ යහපත හොඳයි. නමුත් ශ්‍රී ලංකාවේ වඩාත්ම නිෂේධනීය දේශපාලන පක්ෂය වන JVP ශ්‍රී ලංකා ආර්ථිකයේ යහපත් දෙයක් හෝ යහපත් ක්‍රියාමාර්ගයක් දැකීමට කැමති නැත. ඔවුන් රටේ ආර්ථිකය කඩාවැටෙන තුරු කාලය සලකුණු කරමින් සිටින්නේ බලයට පත්වීමටය. රටේ ආර්ථිකය විනාශ කරන අපිරිසිදු ප්ලොටිටීන් සහ ඉහළ නිලධාරීන් හැරුණු විට, ජවිපේ සහාය ඇති සංගම් රටේ ආර්ථිකයට විශාලතම හානිය සිදු කර ඇත්තේ අපිරිසිදු වෘත්තීය සමිති හරහා ය. මෙම සංගම් නිසා ආයෝජකයින් විශාල ප්‍රමාණයක් රට හැර ගිය අතර රාජ්‍ය ආයතන රැසක් නිෂ්ඵල ආයතන බවට පත් වූ අතර මෙයට රටේ උසස් අධ්‍යාපනයද ඇතුළත් වේ.