(යොහාන් භාසුර)

බන්ධනාගාරගත සැකකරුවන්ට සතියකට දින 2ක් අමුත්තන් බැලීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

ඒ අනුව අද දින සිට සැකකරුවන්ට සතියකට දින දෙකක් අමුත්තන් බැලීමේ අවස්ථාව හිමිවේ.