IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රැඳවියකු බය කළ සිද්ධියට හිටපු අමාත්‍ය ලොහාන්ට ඇප

(උපාලි ආනන්ද)

බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් රාත‍්‍රි කාලයේ අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී  එම බන්ධනාගාරයේ රදවා සිටි දමිළ ජාතික රැදවියකු දෙසට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධි බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ මහතා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කළේය.

සැකකාර රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ පවතින මෙම නඩුව 2024 වසරේ ජනවාරි මස 4 වන දින මුල් වරට විභාගයට ගැනීමටද තීන්දු කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකාර රාජ්‍ය අමාත්‍යවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මේ අතර මෙම නඩුවේ පළමු සාක්සිකාර පූබාර සිංහන් සූරියපාලන් සහ දෙවන සාක්කි කාර මනියරාසන් සුලක්ෂන් යන දෙදෙනාට ද නඩුවට අදාළ සාක්සි ලබා දීමට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද තවදුරටත් නියෝග කෙරිණ.

අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙළෙස නියෝග කළේ අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි පුබාර සිංහන් සූරිය පාලන් නැමති දමිළ ජාතික රැදවියා දෙසට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධි බිය වැද්දීමක් සිදු කර ඇති බව පවසමින් කොළඹ අපරාධ කොට්ඨාශය සැකකාර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අනුරාධපුුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුෙවි පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදීය.

අධිකරණය මීට පෙර ලබාදී තිබූ නියෝගයකට අනුව පළමු වතාවට සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද විවෘත අධිකරණයේ පෙනී සිටියේය. මෙහිදි සැකකාර රාජ්‍ය අමාක්‍යවරයාට එරෙහිව පවතින චෝදනා අධිකරණය මගින් කියවා දීමෙන් අනතුරුව තමන් එම සියළු චෝදනාවන්ට නිවැරදිකරු බව සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඞ්ස් මහතා මගින් අධිකරණයට දැන්වීය .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාශය ස්වකීය මූලික කරුණු දැක්වීම්වලදී අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා හමුවේ කියා සිටියේ 2021 වසරේ සැප්තැම්බර් මස 12 වන දින හෝ ඊට ආසන්න දිනයක සැකකරු (බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එම බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු වන පුබාර සිංහන් සූරිය පාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධි බියවැද්දීමක් සිදු කර තර්ජනය කර වරදක් සිදු කර ඇති බවට ලංකා දන්ඩ නීති සංගශ‍්‍රයේ 183 වගන්තිය ප‍්‍රකාරව ප‍්‍රමාණවත් සාක්කි අනාවරණ වන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බවයි

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ප‍්‍රකාරව සැකකාර ලොහාන් එවින්ද රත්වත්තේට  එරෙහිව ලංකා දන්ඩ නීති සංග‍්‍රහයේ 486 වන වගන්තිය යටතේ මෙම අධිකරණය හමුෙවි චෝදනා පත‍්‍රයක් ගොනු කරන බවද කොළඔ අපරාධ කොට්ඨාශට තවදුරටත් අධිකරණයට සැළ කර සිටියේය

සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විසින් මෙම වරද සිදු කර ඇති බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි බන්ධනාගර නිලධාරීන් සහ අනුරාධපුර බන්ධනාගාරයේ එදින රදවා සිටි රැදවියන් ඇතුළු 14 දෙනෙක් මෙම නඩුවේ සාක්සිකරුවෝ ලෙස නම් කරකු ලැබ සිටිති.



අදහස් (0)

රැඳවියකු බය කළ සිද්ධියට හිටපු අමාත්‍ය ලොහාන්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site