(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ මහතාට කඩිනමින් රට බාර නොදුන්නොත් තව මාස දෙක තුනක් ඇතුළත ක්ෂෙත්‍ර ගණනාවක රැකියා රැසක් අනතුරේ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

එලෙස අනතුරට ලක්වන රැකියා අතර පුවත්පත් කර්මාන්තය ද තිබෙන බව කී වජිර අබේවර්ධන මහතා රටේ ජනතාව ගැන බින්දුවක්වත් සිතනවා නම් එක්සත් ජාතික පක්ෂයට වහාම රට බාර බාරදිය යුතුව ඇතැයිද සඳහන් කළේය.

අඳුරු අනාගතය පහන් කරන්නට ජාතික එකඟතාවයක්, ජාතික ප්‍රතිපත්තියක් අරමුණු කරගෙන පැවැත්වූ සත්‍යග්‍රහ ව්‍යාපාරය ඉතාම සාර්ථකව කිරීමට හැකි වූ අතර ඊට සහභාගී වූ සියලුදෙනාට නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ ස්තූතිය පළකර සිටින බව ද එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා වෘත්තීයවේදීන්ගේ හමුවකදී  පැවසීය.