
(අංජුල මහික වීරරත්න)
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මීට පෙර අප්‍රේල් 17 වෙනිදා පෙරවරු 9.30ට අල්ලස් කොමිසමේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු නිවාඩු සමයේ තමා කොළඹ නැති හෙයින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබිණි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ලබන 25 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාට කොමිසම හමුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇත්තේ ඒ අනුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොරි බොසාලා, අටවපු විධායක ජනාධිපති වන මට එදාට ට්‍රම්පට් ගොයියාට ඇඩ්වයිස් ටිකක් දෙන්න යන්න වෙලා තියෙනවා. කොළඹ නෑ... වෙන දවසක් දෙනවාද?
භාණ්ඩාගරයෙන් සංවර්ධන කටයුතු සදහා එවන මුදල් ස්ථාවර තැන්පතුවක් හැටියට බැංකුවේ තබා පොලිය නොගැනීම වරදක්ද නැත්නම් භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් සංවර්ධන කටයුතු නොකර බැංකුවේ තැබීම හරිද යන්නත් සෙවීමට අවධානය යොමුවේවා
මේක වැරැදීමක්, අල්ලස් කොමිසම එයාගෙන් තමයි දිනයක් ගන්න ඕනෑ.
එන්න විදිහක් නැතිලු...
නීතිය සැමට එකයිද? අපි වරදක් කළොත් අපිටත් ඔය නීතියමද? නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ස්තුතියි...
මූණේ තියෙන පිං පාට. හරියට කැකිරි ඉතිරිලා වගෙයි... අනේ වාසනාවන්...!
විශේෂයෙන් කියන්ටෝනෙ මම විසිපස් වෙනිදා ට්‍රම්ප් හම්බෙන්න තියෙනවා .ඊට පස්සේ බලලා කියන්නං..
නීතිය කාටත් පොදු නිසා, මොහුටත් එසේම අදාල විය යුතුයි. ඒ සදහා සැමට පොදු නිතියම ඔහු උදෙසා ක්‍රියාත්මක කිරීම වටිනවා.
මෙයාගේ ලෝයර් සින්ගප්පූරුවේ මගුල් හෙදරට ගිය කෙනා වගේ නෑවිත්ම ඉන්න කෙනෙක් වෙන්ඩ බැරිද?