
(අංජුල මහික වීරරත්න)
රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහට දේශීය මෙන්ම ජාත්‍යන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණ නිසා කෙටි කලකදී රට නැවත ඔසවා තබන්නට හැකි වූ බව කී අබේවර්ධන මහතා රටේ ආර්ථිකය ගොඩ නගන මෙම ගමනට සියලු ජනතාව වෛරය, ක්‍රෝධය, කුහක කමකින් තොරව සහයෝගය දිය යුතු බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන ගැන පැහැදිලි කිරීමට ගාල්ල රත්ගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අබේවර්ධන මහතා මේ බව කීය.
රනිල් රට විකුණනවා යැයි ඇතැමුන් චෝදනා නගන බව කී අබෙිවර්ධන මහතා රට විකිණුවත් බංකොලොත් රාජ්‍යයක් මිලදී ගන්නේ කවුදැයි ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහතාට ජාතිකත්වය ආලේප කළොත් එයත් හොඳ නායකයෙක් වෙයි. නමුත් ඒක වෙන්නේ නෑ. ජාත්‍යන්තරය එයාට සහාය දෙන්නේම ජාතිකත්වය නැති නිසා. මොකද ඔය කිසිම රටක්. කැමැති නෑ අපේ රට දෙපයින් හිට ගන්නවාට...!
"ආරංචිය සුභයි"... මේක තමයි දැන් අළුත්ම කන්සෙප්ට් එක ...ප්‍රථිඵලය තමයි නිතර දකින, බ්රේන් වොෂ් කරන මෙවැනි සුබ පුවත්...!!!
රනිල් කොහොමත් අපිව බසු පිට බදු වලින් යට කරලා තියෙන්නේ
අනේ, කවුරු හරි මේ මහත්තයාව අංගොඩට ගිහින් දාන්නකෝ අප්පා...
තමුන්නැහැ කියන ඒවා පිළිගන්න මෝඩයෝ ගාල්ලේ ඉන්නේ බොහෝම ටිකයි. දැනටමත් ඉන්දියාවේ, චීනේ, යටත්විජිතයක් වෙලා ඉවරයි.
ඔව්, ඡාත්‍යන්තර සම්බන්ධතා හොද නිසා නේ අපිට ණය ගෙවන්න එපා කිව්වේ
රනිල් ගෙන් ගිලිහුනොත් රටට යහපතක් වෙනවා .දූෂිත පවුල් පාලනේ උන්ට ,දූෂිත දේසපාලුවන්ට නම් යන එනමන් නැතිවෙයි.වසර 40 කටත් වඩා වැඩි කාලයක් දේසපාලනේ කරපු පස් වතාවක් රටේ අගමැතිකම දරපු රනිල් ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
තව මොනවා වෙන්නද හලෝ, තමන් දාගෙන හිටපු වෙස්මුන වෙන මිනිහෙකුට අන්දන්න හදපු .....
ඉතිං දැනුත් එහෙමනේ...
ගාල්ලටම ආඩම්බරයක්... බය වෙන්න එපා.. ඉළඟ පාරත් බඩු ෂවර්... අයේත් ඇපත් නැහැ...
බය වෙන්න එපා... පස්ස පැත්තට බෙහෙත් දාලා මැහුම් දෙක තුනක් දාගත්තාම ඔය අදහස් නැතිව යයි...
මෙයා ලොක නායකයින් දැකලා නැහැ. සතපහක වන්චාවක් නැති නායකයෝ. ගොබ්බයින්ට සැපට ඉන්න ඉඳපන්කෝ ටිකක්..!
ඔලුව වැදුන පාර තාම හරි ගිහින් නැහැ
බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා උන්නානම් ලංකාවට මේ දේ වෙන්නේ නැහැ
මූ පිනට පාර්ලිමේන්තු ආපු කෙනෙක්නෙ .ඉතින් එහෙයි කියනවා හැම එකටම .දාගෙන හිටපු මාස්ක් එක තව කෙනෙකුට දුන්න ගාල්ලේ ඉන්න පුත්තලම් බූරුවෙක් මූ
මේ වගේ කාලකන්නියෙක්
ගෝඨාභයගෙන් රට බේරාගත්තු එකට ස්තුතියි .ආයේ නම් එපා
ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන කරණය සතයක් දැනට ඉන්දියාවට -චීනෙට -ඉම්ෆ් එකට දෙෂ්පලකයට -පොලිසියට -පතාලෙට -කප්පන් කරුවන්ට මුදලාලිලාට රාජ්‍ය සේවකයන්ට කොටින්ම පප්‍රිවෙට් බස් ගැමුණුට යටත් වෙලා ඉන්නේ
මෙයා රනිල්ගේ කීකරු සේවකයෙක්. හාම්පුතාගේ වරදක් පේන්නෙම නෑ.මේ රට ආර්ථික අගාධයට ඇද වැටුනේ මේවගෙ අය නිසයි.
එංගලන්තේ යටතේ පාලනය වුන නම් රටේ නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා , ඔබල වගේ හොරුන්ට හිතුන හිතුන විදිහට හොරකම් කරන්න ලැබෙන්නේ නැහැ , අපිටත් එහෙනම් එක්සත් රාජධානියේ පාස්පෝර්ට් තිබෙනවා , කිසිම ප්‍රශ්නයක් නැතිව ලෝකේ බොහොරටවල් වලට යන්න පුළුවන් , හොඳ අධ්‍යාපනයක් , හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ පොදු ප්‍රවාහන සේවයක් භුක්ති විදින්න තිබුණ , ඔබලාටත් අර එංගලන්තේ සහ යුරෝපේ මන්ත්‍රීවරු වගේ පොදු ප්‍රවහන් සේවයේ ජනතාව සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ගමන් කරන්න තිබුන ,එතකොට ජනතාවගේ අදහස් හොදින් අධ්‍යයනය කරන්න පුළුවන් , එහෙම වුන නම් වාහන පෙර්මිට් පිනට දෙන පැට්‍රොල් වලට යන මුදලත් ඉතුරු වෙනවා .