(අනීෂා මානගේ)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම් ඒ සුමන්තිරන් යන දෙදෙනා රහසිගතව ගත්තාවූ තීන්දු ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසූවේ බෙලිඅත්ත නාකුළුගමුව මැද්දදෙනිය ශ්‍රී ශෛල්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිකරන ලද නව වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාවට අද(20) සහභාගී වෙමිනි.
මේ අවස්ථාවට පොදුජන පෙරමුණෙහි සභාපති ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක, දකුණු පළාත් සභාවේ සභානායක සෝවමංශ කෝදාගොඩ, දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල්, එම්.කේ කසුන් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
‘‘ව්‍යවස්ථාවක් දැකල නැති අය රට බෙදන්න යනවා කියනවා. ව්‍යවස්ථාවට කාරනා කිව්වෙ එයාලමයි. ඒක ව්‍යවස්ථාවක් නෙවෙයි කියනවා. කෙටුම්පතක් නෙවෙයි කියනවා. සමහරු කියනවා කෙටුම්පතක් කියලා. මේක දන්නේ රනිලුයි සුමන්තිරන් මහත්තයයි දෙන්න විතරයි. මොකද ඒ දෙන්න රහසිගතව ගත්තාවූ තීන්දු ක්‍රියාත්මක කරන්නයි හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නෙ නැහැ.
චීන භාෂාවෙන්ම තමයි අගමැතිවරයාගේ ජීවිත කතාව ලියන්න ඕනෑ. මේ රටේ තත්ත්වයයි චීනයට මේ රටේ වරායන් විකුණපු එක ගැන ලියවෙයිද දන්නේ නැහැ. රටේ සම්පත් විකුණපු හැටි ගැනත් ලිව්ව නම් හොඳයි.
විද්‍යාපීඨ වලට වසර තුනකින් ළමයි ඇතුලත් කරගෙන නැහැ. මේ ආණ්ඩුව අධ්‍යාපනයට බොරුවට කතා කරනව වියදම් කරනව කියලා.මේ කරන්නේ කප්පාදු කරන එක. ඒකෙන් වෙන්නේ ගුරුවරුන් බිහීවීම නැවතුන එකයි. රටේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නයි මේ හදන්නේ.
සේනා දළඹුවා ගැන රජයෙන් නිහඬව සිටීම ගැන අපිට සැකයක් තිබෙන්නේ රජයේ වුවමනාවක්ද කියලා. පිටරටින් ආහාර ගෙන්වන්න කෘෂිකර්මය, විනාශ කිරීමේ වැඩපිළිවෙලකට කාගේ හරි කුමන්ත්‍රණයක්ද කියල අපිට සැකයක් ඇති වෙනවා‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට කොටි ලේබලය අලවපු තමුන්නාන්සේ අතීතයේදී රනිල්ට ලැබෙන ඡන්ද වළක්වන්න කොටින්ට සල්ලි දුන්නා. දළදා මාලිගාවට ගහපු කොටියට පක්ෂයේ උපසභාපතිකම දුන්නා. අනුන්ට ඇඟිල්ල දිගු කරන්න කලින් තවත් ඇඟිලි 4ක් තමුන්දෙසට එල්ල වී ඇති බව අමතක කරන්න එපා. මේ රට තවත් අවුලන්නේ ජාතිවාදියෝ.
LTTE ත්‍රස්තවාදී සංවිධානයට, තමන්ගේ ඡන්දෙ දිනන්න අපේ සල්ලි කන මිනිහෙක්නේ මේ කියන්නේ... මේවා හොඳයි මෝඩයන්ට...
යුද්ධය දිනන්න දේශපාලන නායකත්වය දුන්නු එකට ජාතිය ඔබට ගරු කරනවා. ඒ වගේම ඔබ සහ ඔබ පවුලේ පරම්පරාවටම එල්ල වී ඇති දූෂණ චෝදනාවලට ජාතියම ගරහනවා, ශාප කරනවා. රටවල නායකත්වය දරපු නායකයෝ විශ්‍රාම ගිහින් ගෞරවාන්විතව ජීවත් වෙද්දී තමුන්නාන්සේ පචවෙනවා. දෙවියන්ගේ නාමෙන් විශ්‍රාම සුවයෙන් ඉන්න. ජාතියම ඔබට ගරුකරාවි. අනික වයස 73ක් කියන්නේ චින්තනය දුර්වලයි. අවුරුදු 11 කෙරුවාවත් අපි දන්නවනේ...
20 දැන් තියෙන්නේ විපක්ෂය අතේ...
20වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් මේ රට පාවාදී බලය ඉන්න රනිල් කරන මේ කුමන්ත්රණයෙන් රට බේරාගැනීමට අපේ එකම බලාපොරොත්තුව ඔබයි. දෙමළුන්ට, ත්රස්තවාදයට ඉඩදී නැවත යුද්ධයක් පටන්ගෙන ඉන්දියාවටම පලවා හරින්න.
හොරු අතරින් මම තෝරගන්න මිනිසා මහින්දයි. ඔහු හා සැසඳීමට කිසිවකු ලංකා දේශපාලනයේ ඉතිරිව නොමැත. ඔහු අප සැමට නිදහස ලබාදුන් පුද්ගලයාය.
මෙයා දැන් එන්නේ රට පාවාදීලා හෝ තම පුතා ජනාධිපති කරවීමේ හාස්යදායක සිහිනය නිසා...
සුමන්තිරන්ලා ඔබතුමාට අගමැතිවෙන්න උදව් කළානම් එයා පූසා... දැන් කොටියා.
මොහුට කියන්න තිබෙන්නේ ජාතිවාදී බයිලාවම පමණයි. කුජීතයි නේද?
නොයෙකුත් කමිටු මගින් සම්පාදිත යෝජනා මිස, අද නව ව්‍යවස්ථාවක් කියා දෙයක් අද ඇත්තේ නැහැ. මා සිතන්නේ මෙතුමාට අද "ව්‍යවස්ථාව" පිළිබඳව තිබෙන ලොකුම ප්රශ්නය නම්, වර්තමානයේ එජාපය සහ දෙමල සංධානය සමග ඇති මේ ව්‍යවස්ථා කතිකාවත නිසා, ඔහුට උතුරු, නැගෙනහිර ප්‍රදේශ වලින් ඡන්ද නොලැබේය යන බියක් ඇතිවීමයි.
එදා හොරෙන් අගමැතිකම ගත්ත වෙලාවේ දෙමළ සංධානය සහයෝගය දුන්නා නම් අද සුමන්තිරන්ලා හොඳයි.... නැද්ද ?
එතකොට චීනෙන්, 2015 ජනවාරි මාසයේ ඡන්දෙට කලින් අරලියගහ මන්දිරයට දීපු චෙක් 4, බැසිල්ගේ බිරිඳට දීපු චෙක් එක? එතකොට චීනෙ හොඳයි නේ?
ඔය අපේ වාද විවාද නොවෙයි. ලොකු වැඩ සටහනක් යනවා රට කඩන්න. මෙහෙ කට්ටිය වැඩ කරන්නේ සල්ලිවලට.
අද රටේ සෑම ජාතියක්ම හොඳ සමගියෙන් ජීවත්වෙනවා. දෙයියන්ගේ නාමෙට ඔය ජාතිවාදය අවුස්සන කිසිම කෙනෙකුට බලයට නම් එන්න දෙන්න එපා. මේ ආයාචනය සියලුම රටේ පුරවැසියන්ටයි.
ඒ.ජා.ප. යන්ගෙන් ප්රවීසම්වන්න
දැක්ම : බලය ලබා ගැනීම මෙහෙවර ප්‍රකාශය : ව්‍යස්ථාවක් ඇදගෙන රට බෙදනවා යි කියමින් සිංහල ( විශේෂයෙන් බෞද්ධ ) ඡන්ද ගොඩ ඉතා පහසුවෙන් වැඩිකර ගැනීම.