(ඉන්දිකා රාමනායක)
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඉකුත් 09 දින රාත්‍රියේ ගිනි තබා හානි කිරීමට මුල්ව , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු රටින් පලාගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුතා ඉකුත් (10) දින රාත්‍රියේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
පලාගිය සැකකරුගේ පියා මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු බවත්, පසුව ඔහු එම පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්ව ඇති අතර, දැනට ඔහු කොළඹට ආසන්න ප්‍රදේශයක ආසන සංවිධායකවරයකු වශයෙක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
අරගලකරුවන් ඉකුත් (9) දින ජනාධිපති මන්දිය අත්පත්කර ගැනීමෙන් පසු මෙම දේශපානඥයාගේ පුතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ආසන්නයට ගොස් “අපි ජනාධිපති මන්දිරය වැටලුවා සේම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට වැටලීමට යන බවත්, රට වටින් පිරිසට ඒ සදහා පැමිණෙන ලෙසටත්,” දන්වා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැරිමින් ඉල්ලා සිටි ඇති අතර, රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටලා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලිපිය අතට ලබාගන්නා තෙක් එම නිවසින් පිටව නොයන බවට ද ඔහු වීඩියෝව හරහා ඉල්ලීම් කර තිබුණි.
මේ සදහා ආධාර අනුබල ලබා දෙමින් මෙම වීඩියෝ පටය එහි සිට පටිගත කළ කාන්තාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, එම කාන්තාව අවස්ථා කිහිපයක් ම කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක අරගලවල නිරත සිටි දේශපාලනඥවරියක් සමග සම්බන්ධවෙමින් ඇය සමග අරගල වන නිරත වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිදුවීම්වලට අදාල සියලු වීඩියෝ සහ ඡායාරූප රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන විමර්ශන ආරම්භ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් නාමල් කුමාර කෙනෙකු නිර්මාණය වෙනව වගේ......
අත් අඩංගුවට ගැනීම හරිම පහසුයි. පුතා රට ගියට මොකෝ ඔහු කලේ පියාගෙ අනනෙ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කලින් දෙමල අය ඒ අයගේ මාධ්‍යවල කියු නම දැන් කිරි ගහට ඇන්න වගේ හරි නේද..??
අමූලික බොරුවක්...!
නීතියෙන් නම් කට්ටි දායි. හැබැයි කර්ම විපාක තමන් යන යන තැන පස්සෙන් එනවා ගොනා බැඳි ගැළ සේ.
නූගත් අමනයින්ගේ වැඩක්.
මොකද නම් කියන්නේ බැරිද ,තාම දේවල් හන්ගන්නේ බයයිද
බොරු ප්‍රචාර... රනිල්ට ජනපතිකම බලයට ගන්න සජබයට නිග්‍රහ කරනවා. ඔයතරම් දේවල් දන්නවා නම් මොකද පොලිසියට බැරිවුණාද මිනිහාව අත්අඩංගුවට ගන්න. පට්ටපල් පච...
ආ... නාටක මාලාවේ තවත් කොටසක්... පිටපත් ටිකක් පරක්කුයි හැබැයි. ඔය කියන පුතාද කිව්වේ පොත් ටික එකතු කරලා අයින් කරන්න කියලා...? මේවා කියන්න කොණ්ඩෙ බැඳපු චීන්නුත් නැහැ දැන්..
ඒ පාහරයා කුදලා ගෙන ඒමට කටයුතු කරන්න. එසේම, ජනාධිපති මන්දිරයට, අරලිය ගහ මන්දිරයට අලාබ හානි කළ සහ එහි තිබූ වටිනා කෞතුක වස්තුවලට අලාබහානි කළ වුන් සහ සොරා ගත්ත වුනටත්.
මෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් බැලූ බැල්මට පෙනෙන්නේ කුමක්ද?
ඔකට සම්බන්ද ඔක්කොම ඇතුලට දාන්න ඔනි කාලෙකට එන්න බරි වෙන්න
ලංකාදීපේ දැන් රහස් ඔත්තු සේවයකුත් පටන් අරන් වගේ
මෙවැනි දේවල් නැවත කරන්න නීත්‍යානුකූලව දඬුවම් කරන්න ඕනෑ.
බොරු ප්‍රචාර, මඩ ගැසීම්...!
බොරු ප්‍රචාරය කරල මොනවාද බලාපොරොත්තු වෙන්නෙ.ලංකාදීප සෑහෙන්න රාජපක්ෂලට කඩේ යන බව දන්නවා..
ලංකාදීප රාජපක්ෂලට කඩේ යන බව දන්නවා
රටේම මිනිස්සුන්ගේ අනාගතේ ගිනි තියපු පවුල් පිටින් රටින් පැන්න එකේ මේ මනුස්සයා පැනපු එක පුදුම වෙන්න දෙයක් නැහැ..
යාපනයේ පුස්තකාලය ගිනිතියපු සමහරු දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවටත් ගිය කවුරුවත් අල්ලන්න උනන්දු උනේ නැහැ .මේ පොත් රාක්කයක් ගිනිතියපු කෙනාව අල්ලන්න වෙන මහන්සියක් ?
මෙ වගෙ නිව්ස් වලට රැවටෙන්නෙ තාමත් කැපුවත් කොල, නිල් කියාගන්නා නූගත් පිස්සන් විතරයි.
රනිල්බෑනා හදන්නේ අරගලයේඋන් දඩයම් කරන්න.
ගෙවල් හා දේපල ගිනි තැබීම ජාතික අපරාධ. ඒ අයවලුන්ට කරන්න තිබුණේ රනිල් මයා බෞද්ධයකු වශයෙන් දේශපාලනයට නෑකම් කියන උරුමකම් දක්වන, දේශපාලනයෙන් ප්‍රසිද්ධත්වයට ඒමට අර අඳින ගරු රනිල් මයාව අපේ අතිගරු ස්වාමීන් වහන්සේලාගේ සහාය අනුදැනුම ඇතිව, එදා ඔහුට පියෙක් බඳුවු, J R මයාගේ ප්‍රතිපත්ති අනුව, ධාර්මික, ධර්මානුකූල, සම්‍යක් සමාධි මාර්ගයෙහි, රනිල් මයාව පිහිටුවා, රනිල් මයාට දරු මල්ලෙක්වත් නැති එක ඔහු සතු නිවාස, මන්දිර, වතුපිටි ඇත්නම් ඒවා අද පවතින මිලකට විකුණා, දුගී දුප්පත් ජනතාවට, ඉන්න නිවහන හදාදී, දහසක් හිඟාකන අංග විකල ජනතාවට ඉන්න මහළු මඩම්, වැඩිහිටි නිවාස හැකි තරමක් සදාදී, අනෙකුත් වෙසෙන සුවහසක් ධනවාදී ආත්මාර්ථකාමීන්ට ආදර්ශයක් වන පරිදි, එවකට අගමැතිව, අද වැඩ බලන ජනාධිපති වශයෙන් කටයුතු කරන හා ඉදිරි දින කීපයෙන් රටේ ජනාධිපති වීමට වෙරදරන අතිගරු රනිල් මයාට ධාර්මිකත්වය, පරාර්ථකාමීත්වය කියාදී, අතිගරු ස්වාමීන් වහන්සේලා තරයේ අද දේශපාලනයේ සැරිසරන මණ්ඩලයට හා නුදුරු අනාගතයේ පත්වීමට සිටින ප්‍රභූන්ට මෙලෙස ධර්ම දේශනා කර පහදා දීමයි.. බුදුසරණයි.