IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


රනිල් සියලු පක්ෂ නායකයන් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

"දිට්වා" සුළි කුණාටුව  හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ අතිශය අයහපත් තත්ත්වය හමුවේ ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා සියලුම පක්ෂ නායකයින් කැඳවීමට හිටපු ජනාධිපති  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ  මහතා ගත් මෙම තීරණය අනුව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයට බදාදා(3)සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතය.

දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

2003 සහ 2016 වසර වල ඇතිවූ ගංවතුර  ව්‍යසනයේදී සහ පශ්චාත්  ගංවතුර සමයේදී ගනු ලැබූ පියවර පිළිබඳව මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිත බව වජිර අබේවර්ධන  මහතා කීය.

මෙම දරුණු ව්‍යසනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක් තැනකට කැඳවන්නේ ප්‍රථම අවස්ථාවට බවද වජිර  අබේවර්ධන මහතා කීය.



අදහස් (28)

රනිල් සියලු පක්ෂ නායකයන් කැඳවයි

කෞෂි Monday, 01 December 2025 12:53 PM

ගංවතුරෙන් හරි, මිනීමතින් හරි ගොඩගිහිල්ල එක්ස්පීරියන්ස් තියෙන අයනේ.

:       19       29

Bimal Monday, 01 December 2025 12:56 PM

ඔහු දේවල් වෙනස් කළ හැකි මිනිසා ය.

:       23       22

කුඩුමල්Monday, 01 December 2025 08:37 PM

සාගලද නේද කිව්වේ. හරි අපි පිලිගත්තා.

:       1       1

Chathura Monday, 01 December 2025 12:56 PM

කවුරුහරි කියනවද මෙයාට දැන් “එයා expired” කියලා?

:       12       25

Perera Monday, 01 December 2025 01:03 PM

මෙයයි, විපක්ෂයයි, කරයි ඉටිගෙඩියක්. රජයට දැන් තාමත් ජාත්‍යන්තර මට්ටමින් ආධාර උපකාර ගලාගෙන එනවා.

:       17       18

pradeep Monday, 01 December 2025 01:08 PM

සාර්ථකව තමන්ගේ කුට්ටිය නම් බෙදාගත්තා.

:       16       15

නාමල් Monday, 01 December 2025 01:09 PM

වජිරයට ට්‍රැක්ද.මූ හිතන් ඉන්නේ රනිය තාම ජනාධිපති කියලද.සියලු පක්ශ නායකයන් කිවුවම අනුරත් මුගේ ලගට එන්න ඕනද

:       10       26

සමන් - ඕමානය Monday, 01 December 2025 01:18 PM

මෙවැනි ව්‍යසනයකදී තමන්ගේ පළපුරුද්ද හා දැනුම බෙදාහදා ගන්නා එක (knowledge sharing ) ඉතා වටිනවා. නමුත්, මටනම් සැකයි මාලිමාවේ "සියල්ල දත්" උද්දච්චයෝ ටික ඕකට සහභාගී වෙයිද යන්න. දැනටමත් අනාගෙන ඉන්න ගොබ්බ රංචුව.!

:       22       16

සුපුන් චාමර Monday, 01 December 2025 01:27 PM

පව්. පොරගෙ හිතේ තාම ජනාධිපති කියල

:       13       21

Hafeel Monday, 01 December 2025 01:29 PM

තාම මෙයා හිතාගෙන ඉන්නේ මෙයා තාමත් පින් ජනාධිපති කියලා. මේ විපතෙන් දේශපාලන වාසි ගන්න මෙයා උත්සාහ කරනවා. 2003 අත්දැකීම තමා ඒදා රාජපක්ෂලාට “Helping Hambantota” සුනාමි අරමුදලින් ගසා කන්න අවස්ථාව සලසා දුන්නේ.

:       9       19

Rata Perata Monday, 01 December 2025 01:34 PM

කලබල වෙන්නේ නැතුව 2048 වෙනකම් ඉන්න කියන්න වෙන්න ඇති කට්ටියට එන්න කියන්නේ. අනේ කජු සීයේ, ධමනි ටික බලාගෙන ගෙදරට වෙලා ඉන්න.

:       9       15

Jagath Leanage Monday, 01 December 2025 01:46 PM

අර මොකක්ද කහ ගන්න ඇඟිල්ල දිග නැහැ. හැබැයි ටෝක් නං ලෝකේ අල්ලන්න.

:       10       18

C.K.Lankaputhra Monday, 01 December 2025 02:12 PM

දිට්වාගේ උදව්වෙන් මාලිමා ආණ්ඩුව පෙරලන විදිහ සාකච්චා කරන්න වෙන්න ඇති.

:       13       20

fairoos Monday, 01 December 2025 02:46 PM

බොහොම ස්තූතියි … ඒක විතරක්ද, නැත්තම් ?

:       9       12

chatburi Monday, 01 December 2025 03:36 PM

හරී ආසාවෙන් කට්ටිය එකතුවෙයි. හොරා කන්න නියම අවස්තාව දුප්පතුන්ගෙ ආදාර නාමල් බේබිටත් කියන්න නාකිමයිනත් එක්ක එන්න කියලා මයිනිත්.

:       13       18

mangala Monday, 01 December 2025 03:42 PM

හතර හිනා.

:       12       16

පැරකුම් Monday, 01 December 2025 03:47 PM

ජාතික ජනබලවේගයට ආරාධනා නැද්ද?

:       9       6

Thushara Monday, 01 December 2025 03:50 PM

රනිල් , ඔබ ජෙප්පන්ට උදව් නොකළ යුතුය

:       10       21

රල්ගනියාTuesday, 02 December 2025 10:34 AM

හරි පුතා හරි. වෙලාවක එන්නකෝ.

:       1       0

Shantha Monday, 01 December 2025 04:42 PM

ඔන්න පටන් ගත්තා කකුලෙන් අදින්න. දැන් තියෙන රජයට සහාය දීපියව්. නැතිනම් පැත්තකට වෙලා බලන් ඉන්න.

:       1       1

ගුණරත්න Monday, 01 December 2025 05:43 PM

සුපුරුදු පරිදි ජවිපෙ මාලිමා විකෘතිය ගොම්පස් හලනවා. රටක් වැනසිලා තියෙද්දිත් මුන්ට ඕන විපක්ෂයට ගහන්න...

:       0       1

Nihal Dharmatileke Monday, 01 December 2025 06:18 PM

හිටපු අටවැනි ජනාධිපති “මේ සැරේ මොකද්ද අටවන උගුල” දෙයියෝ වත් දැන් නැතුව ඇති

:       1       0

අරවින්ද මොණරවිල Monday, 01 December 2025 06:37 PM

2003 ගං වතුර ගැන කතා කරන්න එපා අපිට හොදට මතකයි, මුළු දකුණුම යට උනා කජු සීයාගේ ආණ්ඩුව කිසි දෙයක් කරකිය ගන්න බැරුව බලාගෙන හිටියා ! ජවිපෙ රතු තරුව තමයි ගේමට බැහැලා වැඩේ ගොඩ දැම්මේ, දැන් එනවා තව පම්පෝරි ගහන්න.

:       1       1

පිස්සු යකෙක් Monday, 01 December 2025 09:15 PM

කවුද බං මූ...විපක්ෂ නායකද...රටේ නායකයාද ..බොරු ශෝනොදා කරන වැඩක් කරලා පෙන්නුවොත් පුදුමයක්

:       1       1

ඇන්ටන් Monday, 01 December 2025 09:54 PM

මෙයා හිතනවා ඇති මේ ගං වතුරත් 2003/2016 වගේ කියලා ඔව් එදා ඔහෙලා විසඳුම් හෙව්වා අපිට මතකයි කෙහෙල් ගෙඩි බෙදල හැමදාම අනාථ ආදාර බෙදල හරියන්නේ නෑ නිකන්වත් හෙව්වද ගංවතුර පාලනයට විසඳුමක්

:       1       1

Nilantha Monday, 01 December 2025 11:38 PM

මේ අවස්ථාවේ රනිල් ඇතුළු සියලු දෙනා එකතු වෙලා දේශපාලනය කළ යුතුය. මෙම මසල ආණ්ඩුව ආතුගා දැමීමට කටයුතු කළ යුතුය.

:       1       1

Nalin Monday, 01 December 2025 11:49 PM

මතක තබා ගන්න, ඔබ මේ ක්‍රියා කරන්නේ රට වැටිලා තියෙද්දී ඩොලර් එවන්න එපා කියපු නරක පුද්ගලයන් සමඟ බව. ඔවුන්ට කිරි පොවන්න එපා . අවස්තාව ලැබුනාම ඔවුන් ඔබට දෂ්ට කරනු ඇත

:       0       1

Nishan Tuesday, 02 December 2025 03:59 AM

රනිල්ට තව නඩු වැටෙයි වගේ. කමක් නෑ මේ අති අසාර්ථක පාන්ඩුවෙන් ජනතාවට සෙතක් වෙයි කියලා හිතන්න බෑ. ඔබවත් ඉදිරිපත් වෙලා යමක් කරන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 291 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 321 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1249 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site