
(අංජුල මහික වීරරත්න)
නියමිත වේලාවට ජනාධිපතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මකුලෑවේ විමල රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමියන්ට අද දැනුම් දුන්නේය.
රාමඤ්ඤ මහා නිකායේ නාරාහේන්පිට මහා සංඝ මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එහිදී රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැ දුටුවෙිය.
රටේ ආර්ථික හා මූල්‍ය ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මහ නා හිමියන් දැනුවත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනිමරු, රට විනාශ කලේ දුෂිත පට්ට හොරු
මහනාහිමිවරු සියළුම දෙට එහෙයි කිම මෙපමණ කලක් තිස්සේ කලෙ.
අවසරයි නායක හාමුදුරුවනේ, ඔය අනිත් පැත්තේ ඉන්න දයියා මහජන බැංකුවට බිලියන ගාණක් පොලු තියපු තක්කඩියෙක්. අපි අද මේ දුක් විඳින්නේ මේ රටට කරපු අපරාධ නිසයි. ඒ හින්දා හාමුදුරුවනේ ආවා නම් ආපු පාරෙන්ම යන්න අරිනවා මිසක් ඔවුන්ව ප්‍රවර්ධනය කරන්න ප්‍රකාශ නිකුත් කරන්න නම් එපා අපේ හාමුදුරුවනේ...!
මම මුලින් දැක්කේ රනිල් මකබෑවිලා කියලා.
නියමිත වෙලාවට මැතිවරණ පවත්වන්න තියන අවශ්‍යතාව මැතිවරණ කොමසාරිස් දන්නේ නැති නිසා ඒක පෙන්නලා දෙන්න ජනාධිපති කෙනෙක් ඉන්න එක ගැන කාටද ආඩම්බර...?
ටයි දාගෙන කව්ද පන්සල් යන්නේ?.. අපේ රටේ තරම් තැනට උචිත ඇඳුම විකාර විදිහට පාවිච්චි කරන රටක් දැකලා නෑ. අමු හීතල රටවල් වල එනවා ජාතික ඇඳුම ඇඳන්. ගමේ රැස්වීම් වල යනවා ටයි කෝට් දාගෙන. සයිට් වලට යනවා ඔෆිස් ඉන්න විදිහට. සමහරු නිල ඇඳුම් නැතුව ටී ෂර්ට් ඇඳන් යනවා. මගෙ ඔෆිස් එකේ සුද්දියක් තාමත් හිනා වෙනවා බඩ මහත පිරිමි විසින් කෙසඟ ගැහැනුන් ලවා සෙරෙප්පු පමණක් දී හාඩ් හැට් දම්මවා උණු තාර දමනවා දැක්කා කියා ලංකාවේදී. ඔලුවට නොවේ කකුල් දෙකට හානිය කියා. මේවා කිව්වාම තරහා යනවා හුඟ දෙනෙක්ට.