IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රනිල් ජනපතිවරණයට එන බව රුවන් නිවේදනය කරයි

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ගාල්ලේදී අද ප්‍රකාශයට පත් කළේය.

"රනිල් වික්‍රමසිංහ ජනපති මේ ජනපතිවරණයට ඉල්ලනවාද? නැද්ද? කියා දෙගිඩියාවක් ජනතාව තුළ තිබෙනවා.

අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා.මෙලෙස ඉදිරිපත් වී අනිවාර්යයෙන්ම ඔහු ජයග්‍රහණය කරනවා යනුවෙන් රුවන් විජයවර්ධන මහතා එහිදී සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමින් එජාප නියෝජ්‍ය නායකවරයා මේ බව කීය.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සංවිධාන කළ මෙම සම්මේලන රැළිය ගාල්ල උළුවිටිකේදී පැවැත්විණි.



අදහස් (9)

රනිල් ජනපතිවරණයට එන බව රුවන් නිවේදනය කරයි

Asela Saturday, 06 July 2024 11:53 AM

ඔය පක්ෂේ කීදෙනෙක් ඕක නිවේදනය කළාද?

:       9       41

Nimesh Saturday, 06 July 2024 12:25 PM

පුළුවන් තරම් රජයේ මුදල් නාස්ති කරලා කැම්පේන් එක කරලා, 10%ට අඩුවෙන් ඡන්ද ප්‍රතිශතයක් අරන් ගෙදර යයි...

:       20       55

SUSILSaturday, 06 July 2024 03:47 PM

නිමේෂ් ඔයා ඔය සපෝට් කරන පක්ක්ශේ අය හැමදාම වගේ මෙදාපාරත් ඉන්නේ අධි තක්සේරුවක . ඔන්න ඔය කට්ටියනම් ඇත්තටම 10% ක් චන්ද ගනීවි . අපි බලාගෙන ඉමුකෝ .

:       12       6

රංබොඩ Saturday, 06 July 2024 12:30 PM

පොඩි වෙට්ටුවක් දාලා තව අවුරුද්දක් ඉන්නයි හදන්නේ. බැරි වුණොත් එයි.

:       15       42

Rata Perata Saturday, 06 July 2024 12:33 PM

දැන් මේ රනිල් කියන මනුස්සයාට ඕක කෙළින් කියන්නවත් කොන්දක් නැතිද?

:       18       50

ජගත් ලියනගේ Saturday, 06 July 2024 12:37 PM

කල් දාන්න බැලුවා... හැබැයි හරි ගියේ නැහැ...

:       17       47

Rohana Saturday, 06 July 2024 05:43 PM

රනිල් ජනාධිපතිවරණය අඩුම තරමින් අවුරුද්දක්වත් කල්දාගන්න කුරුමානම් අල්ලමින් හිටියේ. බලලෙක් හොයාගෙන කොස් ඇටේ බා ගන්නයි මේ දඟලන්නේ.

:       4       10

sunil Saturday, 06 July 2024 09:13 PM

අනිවාර්යෙන්ම පරදිනවා රනිල්ට තුන්වෙනි තැන හෝ හතරවෙනි තැන තමයි තේරුම් ගන්නකෝ රනිල්ට දිනන්න බැහැ. රනිල්ට මිනිස්සු කැමැති නැහැ. දැන් එයාගේ වටේ ඉන්න අයටත් මිනිස්සු කැමැති නැහැ... එදා ඉඳලා අද වෙනතුරුත් අපිව ඇන්දුවා... මේ සැරේ අන්දන්න ලැබෙන්නේ නැහැ. අපි හොඳට තේරුම් අරගෙන ඉන්නේ... අපි දන්නවා මෙයා බලය අත හරින්න කැමැති නැහැ... කියලා. නමුත් දැන් බලය අත හරින්න වේලාව හරි...!

:       1       8

Deepal Nirosh Saturday, 06 July 2024 10:26 PM

ඒ පාර “දේශගුණය=දේශපාලනය”. කන්න ඕන වුණහම “කබරගොයා=තලගොයා” වගේ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site