
(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු රටේ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගැනීම නිවැරැදි තෝරා ගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
රටේ ආර්ථික සහ අනෙකුත් ගැටළු ඉදිරියේ දී විසඳනු ඇතැයි අපේක්ෂා කරන බව ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බෙදී ගොස් තිබෙන බවට යම් යම් පාර්ශව පැවසුව ද එහි සත්‍යතාවයක් නැතැයි කී රාජපක්‍ෂ මහතා අදටත් තම පක්ෂයේ සභාපතිවරයා මහාචාර්ය ජී.එල් පීරිස් මහතාම බව ප්‍රකාශ කළේය.
තම පක්ෂයේ පාඨය ”වෙනස්ව සිතන්න - බිය නොවන්න” යන්න ජී.එල් පීරිස් මහතා පෙන්වා දී ඇති බවත්, පක්ෂ විපක්ෂ සෑම කණ්ඩායමකටම නිදහසේ දේශපාලනය කිරීම සඳහා ඉඩ සලසා දියයුතු බවත් පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කර සිවුවසරක් පිරීම නිමිත්තෙන් එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී අද (5) පෙරවරුවේ පැවැති සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තේරීමක් නිසානේ රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අය අද යහතින් ඉන්නේ...?
අද මේ කතාව සම්පුර්නයෙන් වෙනස් වෙන්න තිබුණා අනුර කුමාර මෙතැන... හිටියා නම් කොහොමහරි රට පැනලා හැන්ගෙයි. නැතිනම් අද හිරගෙදර. අනුර කුමාර ජනාධිපති වුණා නම්... කපුටන්ගේ පිහාටුවක්වත් හොයන්න ලැබෙන්නේ නැහැ. අයියලා මල්ලිලා දන්න දේශපාලනේ... හොරාකන්න ඇවිත් ඉන්නේ පුදුමේ කියන්නේ මොවුන්ගේ දරුවන් බිරින්දෑවරු සේරම හොරු... ඊටත් පුදුමේ කියන්නේ රටේ නායකයා මොවුන්ව ආරක්ෂා කරන කෙනා. අද මම ඔය වගේ හොරා කාලා තිබුණා නම්... මේ රට දිහා බලලා ඔය බෙල්ලවටේ දාගෙන ඉන්න කුරහන් පටියෙන්ම දිවි නැති කරගන්නවා. මොවුන් ඇවිත් ඔරිජිනල් කපුටන් තවමත් බලන්නේ තමන්ගේ බොක්ක පුරවන්න. මෙයා වගේ කෙනෙක්... ලබන ආත්මේ ඉපදෙන්නේ හිරගෙදර...
රාජපක්ෂලාට හොඳයි තමයි...
ඔව් ඔව්, රාජපක්ෂ හොරුන්ට හුඟක් හොඳයි...
නුඹලා වගේ අයට තමයි හොඳ... රටට කෙළ වුණත් ඔවුන්ට මොකද? රනිල් නොහිටියා නම් අදත් නුඹලා හැංගිලා...
එහෙට මෙහෙට පැන පැන ඉඳලා ඇමරිකාවට ගිය කපුටත්, පවුලේ හොරු සෙට් එකත් අද රනිල් නිසා රැකෙන බව ලෝකෙම දන්නවා. හරි නම් රාජපක්ෂලා ඔක්කොම හිරේ ඉන්න ඕනේ...
සිංහලෙන් කියනවා යන යකා කොරහත් බිඳගෙන ගියා කියලා. මාව එපා නම් ඔන්න කොරගනිල්ලා කියලා ගියා....