IMG-LOGO

රනිල් ජනපති කිරීම හොඳ තේරීමක්

(ඩයනා උදයංගනී)

හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු රටේ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගැනීම නිවැරැදි තෝරා ගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

රටේ ආර්ථික සහ අනෙකුත් ගැටළු ඉදිරියේ දී විසඳනු ඇතැයි අපේක්ෂා කරන බව ද බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බෙදී ගොස් තිබෙන බවට යම් යම් පාර්ශව පැවසුව ද එහි සත්‍යතාවයක් නැතැයි කී රාජපක්‍ෂ මහතා අදටත් තම පක්ෂයේ සභාපතිවරයා මහාචාර්ය ජී.එල් පීරිස් මහතාම බව ප්‍රකාශ කළේය.

තම පක්ෂයේ පාඨය ”වෙනස්ව සිතන්න - බිය නොවන්න” යන්න ජී.එල් පීරිස් මහතා පෙන්වා දී ඇති බවත්, පක්ෂ විපක්ෂ සෑම කණ්ඩායමකටම නිදහසේ දේශපාලනය කිරීම සඳහා ඉඩ සලසා දියයුතු බවත් පැවසීය.

බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කර සිවුවසරක් පිරීම නිමිත්තෙන් එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී අද (5) පෙරවරුවේ පැවැති සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

 



අදහස් (11)

රනිල් ජනපති කිරීම හොඳ තේරීමක්

විපරමා Monday, 05 December 2022 05:53 PM

හොඳ තේරීමක් නිසානේ රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ අය අද යහතින් ඉන්නේ...?

:       5       14

Chathuri Monday, 05 December 2022 06:13 PM

අද මේ කතාව සම්පුර්නයෙන් වෙනස් වෙන්න තිබුණා අනුර කුමාර මෙතැන... හිටියා නම් කොහොමහරි රට පැනලා හැන්ගෙයි. නැතිනම් අද හිරගෙදර. අනුර කුමාර ජනාධිපති වුණා නම්... කපුටන්ගේ පිහාටුවක්වත් හොයන්න ලැබෙන්නේ නැහැ. අයියලා මල්ලිලා දන්න දේශපාලනේ... හොරාකන්න ඇවිත් ඉන්නේ පුදුමේ කියන්නේ මොවුන්ගේ දරුවන් බිරින්දෑවරු සේරම හොරු... ඊටත් පුදුමේ කියන්නේ රටේ නායකයා මොවුන්ව ආරක්ෂා කරන කෙනා. අද මම ඔය වගේ හොරා කාලා තිබුණා නම්... මේ රට දිහා බලලා ඔය බෙල්ලවටේ දාගෙන ඉන්න කුරහන් පටියෙන්ම දිවි නැති කරගන්නවා. මොවුන් ඇවිත් ඔරිජිනල් කපුටන් තවමත් බලන්නේ තමන්ගේ බොක්ක පුරවන්න. මෙයා වගේ කෙනෙක්... ලබන ආත්මේ ඉපදෙන්නේ හිරගෙදර...

:       12       7

ukranMonday, 05 December 2022 07:26 PM

අනුර ජනාධිපති වෙන්න ලංකාවේ මිනිස්සු ගොන්නු වෙන්න ඕනෑ... ඕනෑ දේකට ඔට්ටුයි කවදාවත් මේ ආත්මේදී නම් අනුරට ජනාධිපති වෙන්න බෑ. ඒක හීනයක් පමණි...

:       5       14

විපරමා Monday, 05 December 2022 10:16 PM

ukran, තමුන්ම යෝජනා කරනවකෝ හරිහමන් සුදු කෙනෙක්ව .කොහෙවත් රටක ඉදන් පේන කියන්නේ නැතුව.

:       2       0

sharm warnTuesday, 06 December 2022 09:51 AM

අනුර ජනාධිපති වෙයි ද නැද්ද කියන්න දන්නේ නැහැ. හැබැයි ඕන හොරෙකුට මේ රට පාලනය කරන්න දෙන්න බලාගෙන ඉන්න.

:       0       1

kamal Monday, 05 December 2022 07:02 PM

රාජපක්ෂලාට හොඳයි තමයි...

:       0       0

Bamunuaracchi Monday, 05 December 2022 07:33 PM

ඔව් ඔව්, රාජපක්ෂ හොරුන්ට හුඟක් හොඳයි...

:       3       11

fairoosMonday, 05 December 2022 08:17 PM

බයියන්ටත් හොඳයි තමයි.

:       0       0

Buddika Monday, 05 December 2022 08:02 PM

නුඹලා වගේ අයට තමයි හොඳ... රටට කෙළ වුණත් ඔවුන්ට මොකද? රනිල් නොහිටියා නම් අදත් නුඹලා හැංගිලා...

:       2       7

ගමේ එකාලා Monday, 05 December 2022 09:01 PM

එහෙට මෙහෙට පැන පැන ඉඳලා ඇමරිකාවට ගිය කපුටත්, පවුලේ හොරු සෙට් එකත් අද රනිල් නිසා රැකෙන බව ලෝකෙම දන්නවා. හරි නම් රාජපක්ෂලා ඔක්කොම හිරේ ඉන්න ඕනේ...

:       0       0

Bamunuarachchi Wednesday, 07 December 2022 05:27 PM

සිංහලෙන් කියනවා යන යකා කොරහත් බිඳගෙන ගියා කියලා. මාව එපා නම් ඔන්න කොරගනිල්ලා කියලා ගියා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site