IMG-LOGO

රනිල් කිසිවක් බාර නොගනියි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගැනීමට ද සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය එසේ සඳහන් කරන්නේ ජාතික අර්බුදය විසඳීමට අමාත්‍ය ධුර බාර ගන්නැයි ජනාධිපතිවරයා නිවෙිදනයක් නිකුත් කරමින් කළ ඇරැයුමට ප්‍රතිචාර වශයෙනි.

සර්ව පාක්ෂික සමුළුවේදී ද යෝජනා කෙරුණු පරිදි සියලු  පක්ෂ නායකයන්ගේ කමිටුවක් හදා අර්බුදයට විසඳුම් සෙවිය යුතුය යන ස්ථාවරයේ හිටපු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සිටින බවද එහි කිසිම වෙනසක් නැතැයිද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුම් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතු බවයි.

එය පක්ෂ භේදයෙන් තොරව ජාතික එකඟත්වයක් ඇතිව ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් පාර්ලිමේන්තුව රැස්වූ වහාම  මේ යුතුකම ඉටු කළ යුතුව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (6)

රනිල් කිසිවක් බාර නොගනියි

lakvidu Monday, 04 April 2022 03:47 PM

ලොකු දෙයක්!

:       0       0

fairoos Monday, 04 April 2022 04:31 PM

අමු කැවිලද? කට්ටියම තොලොංචි වෙලා යන්න.

:       10       14

මංගල Monday, 04 April 2022 06:20 PM

මෙයාට මොනවා දෙන්නද? ජනතාව එපා කියලා තියෙද්දිත් ලැජ්ජා නැතුව ලිස්ට් එකෙන් ඇවිත් කටට එනඑන එක කියවනවා. බලේ තියෙන කොට මොලේ කොහොමවත් නැහැ මෙයාගේ...!!! 

:       3       4

ජගත් ලියනගේ Monday, 04 April 2022 06:24 PM

ඔයාටත් යන්න කාලේ හරි දැන්....!

:       3       8

Jagath Monday, 04 April 2022 06:49 PM

රනිල්ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ කල් ඉකුත් වී බොහෝ කල්..

:       2       11

anonMonday, 04 April 2022 07:45 PM

කාගෙ කාලෙද? අනුරගේ?

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site