
(අංජුල මහික වීරරත්න)
රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී අද (30) පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම හමුව කැඳවා තිබිණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර හමුව ඉතා සාර්ථක බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
සමගි ජනබලවේගය නියෝජනය කරමින් මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරු ද හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන මහත්වරු ඇතුළු පක්ෂ නායකයෝ මෙම හමුවට සහභාගි වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනෝ ගනේශන් හා දිගම්බරම් වෙනුවෙන් පක්ෂ නියොජනය කරන අය...
හොර, මිනීමරු නඩේ එකට දීග කන්න යයි.
රට අඳුරෙන් අඳුරටද නැත්නං අපි අඳුරෙන් අඳුරට යන මොහොතේද ?
ඉතින් ඔහේත්... යනවැයි..!
අම්බලම්වල ලගින අය තෝර තෝරා ඉන්න ගියොත් අව්වට තෙමෙනවා... වැස්සට වේලෙනවා.
අලි බබ්බු දෙන්නා සහ හොරු 225
දැන් කට්ටිය එකතුවුනා කියලා වැඩක් තියෙනවද. උවමනාම කට්ටිය නැතිව. අමතක කරන්න එපා ඕනම ලොකු පුටුවෙ ඉදගන්න. ජනතාවගේ. වටිනා ඡන්දය උවමනායි. හොරා කාපු විදියට. කට්ටියට ගොඩ එන්න අමාරුයි. මේ දගලන්නේ අනුර ජනපති කරන. හොරු අල්ලපු වැඩේ නතර කරන්න. හීනයක් පමණයි. බලය තියෙනකොට බලේ වටිනාකම දැනුනේ නැහැ. සේරම නඩේ. ජනතාවට කොකා පෙන්නුන්වා දැන්. කොකා වෙලේ. නඩේ ලීපේ. පිච්චෙනවා. පව්. ජනතාව දිනුම් දැන්.
ඇස් පොට්ටවෙච්ච පරාදවෙච්ච, ජනතාව සදාකල් ප්‍රතික්ෂේප කරපු මේ වගේ දේශපාලන අනාථයින්ට නම් රට අඳුරට යන බව පේනවා ඇති, වෙන මොනවත් නොවෙයි සාමාන්‍ය පන්තියේ මිනිස්සු අතරට බලය ගිය එක දරාගන්න බැරිවීම සහ යකඩකූරු ගනින්න වෙයි කියලා තියෙන බයට... ලැජ්ජාවක් නැත්නම් රනිල් එක්ක යයිද කියපු කතා වලට, මේක තමයි නයි මුගටි එක කොටයට නගිනවා කියන්නේ. එකට එන්න වැඩේ ලේසියි.
ඔහොම නෙමේ පවුල් පන්සල් පිටින් එකතු වුණත් හොරුන්ට මෙදා සැරේ ගැලවීමක් නැත. මිනිස්සු 2/3 දෙකක බලයක් දුන්නේ මේ වගේ කම්බ හොරු රකින්න නොවේ. මොවුන් ඔක්කෝම මේ පොළොවෙන් අතුගාලාම දාන්න ඕනෑ...
ගොම්මන්පිලගේ අන්තිම තුරුම්පුව රනිල් වගේ... දැන් දිලිත් ඉවරයි.
පළපුරුදු කට්ටිය කොහේ ගියත් අන්තිමට ඔක්කොම එක පිලකට නැවත රට කන්න.
නායකයාගේ අනුග්‍රහයෙන් නෑදෑයොයි, හෙන්චයියෝයි වටවෙලා රට දූෂණය කරන යුගයකට, මිනිසුන්ගේ කතා කිරීම අහිමි කළ යුගයකට, පණ බේරගන්න වෙන රටවලට පැනලා යන යුගයකට, ජනමාධ්‍ය ආයතන ගිනිතබන යුගයකට දෙකයි පනහේ චරිත රැකගන්න වාහන පෝලිම් ඒවාට ගෙවන මිනිස්සුන්ට හෝන් ගහගෙන යන යුගයකට රට නැවතත් ගෙනියන්න එන්න අත්වැල් බැඳගමු! වෙනස්කම් අදාලම නෑ...
මිනිස්සු ගෙදර එළවපු මේ මස්තබාල්දුවෝ ටික ආයෙත් එකතු වුණාට කරන්න දෙයක් නෑ.