
(නිමල් ජයරත්න)
පොළොන්නරුව මහවැලි බි කලාපයේ ගල්තලාව ප්‍රදේශයේ කුඩාඔය අමුණේ රොන්මඩ ඉවත්කරන මුවාවෙන්, කිසියම් පිරිසක් අමුණට යන්ත්‍ර සූත්‍ර දමා වැලි ගොඩ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව ගල්තලාව ගොවීහු චෝදනා කරති.
දින කිහිපයක සිට මෙම රොන්මඩ ඉවත් කිරීමේ ජාවාරම පිටුපස වැලි පමණක් ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ඔවුන් විසින් දියත් කර ඇති බවත්, මෙම ජාවාරමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වගකිව යුතු බවත්, මේ වනවිට කුඩාඔය අමුණට දැඩි ලෙස හානි සිදුව ඇති බවද ගොවි සංවිධාන නියෝජිතයෝ හා ගොවීන් පෙන්වා දෙති.ෙ
පරිසර නීති උල්ලංඝනය කර සිදුකරන මෙම ජාවාරම පිටුපස රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලනය අධිකාරිය සිටින බව පවසති
ගංගා ඇළ දොළවලට මෙන්ම අමුණුවලට කිසිසේත්ම යන්ත්‍ර සූත්‍ර දැමිය නොහැකි වටපිටාවක මෙම ජාවාරම්කරුවන් යන්ත්‍ර සූත්‍ර කීපයක් දමා රොන්මඩ වෙනුවට වැලි ඉවත් කිරීම සිදුකරන බැවින එය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසද අදාළ බලධාරීන්ගෙන් ගොවීහු ඉල්ලා සිටිති.
ගොවීන් නඟන චෝදනාව සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාපුර කොට්ඨාශ කළමණාකාර කසුන් මදුසංක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, ඔය ව්‍යාපෘතිය අමාත්‍යවරයාගේ ව්‍යාපෘතියක් , රජයට බදු ගෙවා සිදුකරන ව්‍යාපෘතියක්. ඔයේ තිබෙන රොන්මඩ සහ වැලි ඉවත් කිරීමට ලබාදී තිබෙන ව්‍යාපෘතියක් බවද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුහ හා, ගිය ආණ්ඩු කාලේ දේශපාලන අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වුනා කියපු වැලි මාෆියාව තවමත් වැඩ! එතකොට මේ ආණ්ඩුවත් මාෆියාවට උදවු කරනවද? නැත්නම් මුන් අරුන් වෙනුවට ආවාද?
76 වසරක ශාපය දිගටම ගෙන යමු. ඇමතිගෙ වැඩක් නම් ප්‍රශ්නයක් නෑනේ.
රොන්මඩ හා වැලි ඉවත් කරන ව්‍යාපෘතියක් නේ. ඉස්සෙල්ල වැලි ඉවත් කරලා පස්සේ රොන්මඩ ඉවත් කරයි. ඇමතිගේ ව්‍යාපෘතියක් නිසා මහවැලියට කිසිවක් කරන්න බෑ.