IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රොන්මඩ පෙන්නා වැලි ගොඩ දමනවාලු

(නිමල් ජයරත්න)

පොළොන්නරුව මහවැලි බි කලාපයේ ගල්තලාව ප්‍රදේශයේ කුඩාඔය අමුණේ රොන්මඩ ඉවත්කරන මුවාවෙන්, කිසියම් පිරිසක් අමුණට යන්ත්‍ර සූත්‍ර දමා වැලි ගොඩ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව ගල්තලාව ගොවීහු චෝදනා කරති.

දින කිහිපයක සිට මෙම රොන්මඩ ඉවත් කිරීමේ ජාවාරම පිටුපස වැලි පමණක් ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ඔවුන් විසින් දියත් කර ඇති බවත්, මෙම ජාවාරමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වගකිව යුතු බවත්, මේ වනවිට කුඩාඔය අමුණට දැඩි ලෙස හානි සිදුව ඇති බවද ගොවි සංවිධාන නියෝජිතයෝ හා ගොවීන් පෙන්වා දෙති.‍ෙ

පරිසර නීති උල්ලංඝනය කර සිදුකරන මෙම ජාවාරම පිටුපස රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලනය අධිකාරිය සිටින බව පවසති

ගංගා ඇළ දොළවලට මෙන්ම අමුණුවලට කිසිසේත්ම යන්ත්‍ර සූත්‍ර දැමිය නොහැකි වටපිටාවක මෙම ජාවාරම්කරුවන් යන්ත්‍ර සූත්‍ර කීපයක් දමා රොන්මඩ වෙනුවට වැලි ඉවත් කිරීම සිදුකරන බැවින එය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසද අදාළ බලධාරීන්ගෙන් ගොවීහු ඉල්ලා සිටිති.

ගොවීන් නඟන චෝදනාව සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාපුර කොට්ඨාශ කළමණාකාර කසුන් මදුසංක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, ඔය ව්‍යාපෘතිය අමාත්‍යවරයාගේ ව්‍යාපෘතියක් , රජයට බදු ගෙවා සිදුකරන ව්‍යාපෘතියක්. ඔයේ තිබෙන රොන්මඩ සහ වැලි ඉවත් කිරීමට ලබාදී තිබෙන ව්‍යාපෘතියක් බවද ඒ මහතා සඳහන් කළේය.

 



අදහස් (3)

රොන්මඩ පෙන්නා වැලි ගොඩ දමනවාලු

ගුණරත්න Thursday, 30 October 2025 07:39 AM

බුහ හා, ගිය ආණ්ඩු කාලේ දේශපාලන අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වුනා කියපු වැලි මාෆියාව තවමත් වැඩ! එතකොට මේ ආණ්ඩුවත් මාෆියාවට උදවු කරනවද? නැත්නම් මුන් අරුන් වෙනුවට ආවාද?

:       1       38

ලලිත් Thursday, 30 October 2025 08:21 AM

76 වසරක ශාපය දිගටම ගෙන යමු. ඇමතිගෙ වැඩක් නම් ප්‍රශ්නයක් නෑනේ.

:       0       29

chinthana Thursday, 30 October 2025 09:44 AM

රොන්මඩ හා වැලි ඉවත් කරන ව්‍යාපෘතියක් නේ. ඉස්සෙල්ල වැලි ඉවත් කරලා පස්සේ රොන්මඩ ඉවත් කරයි. ඇමතිගේ ව්‍යාපෘතියක් නිසා මහවැලියට කිසිවක් කරන්න බෑ.

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site