(අංජුල මහික වීරරත්න)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු ද වන රංජන් රාමනායක මහතා ට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙි.
රංජන් රාමනායක මහතා රංගන ශිල්පියෙකු, සමාජ සේවකයෙකු මෙන්ම දේශපාලඥයෙකු ලෙසද බොහෝ දෙනෙක් නොකරන ලෙස, මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංකව කැපවී කටයුතු කරමින්, සිය පෞද්ගලික ධනය පවා අහිංසක අයගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කරන පුද්ගලයෙක් බව හිටපු ජනාධිපතිනිය සිය ලිපියේ සඳහන් කරන්නීය.
"බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් වත්මන් රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බව ඔබතුමාද පිළිගන්නා බව මම විශ්වාස කරමි.
මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස මම ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි ."යනුවෙන්ද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය යැවූ ලිපියේ සඳහන් වෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ හැම දෙයක්ම වෙන්නේ රුයිතෙට, වැරදි කරුවන්ට සමාව, නිවැරදි කරුවන්ට දඬුවම්, ලැබෙයි කියලා හිතන්න අමාරුයි.
කටට බ්රේක් නැති රන්ජන් තව කලක් දඞුවම් ලැබිය යුතුයි. නැත්නම් නැවතත් අපහාස කිරීමට පටන් ගනියි...
වෙන අය සමාව ඉල්ලුවට දැන් රන්ජන් සමාව ඉල්ලලා ලිපියක් ලියලද තියෙන්නේ...?
කඩේ යනවා නෙමෙයි... මේකනම් හොඳ වැඩක්...
බෑ බෑ... මේ වගේ කෙනෙකුට ජනාධිපති සමාව දෙන්න කොහෙත්ම බෑ. මෙයා අඩුම තරමේ එක මිනිහෙක්ව වත් මරලා නෑ. කුඩු බිස්නස් කරලා නෑ, හොරා කාලා නෑ. ඉතිං කොහොමද සමාව දෙන්නේ...?
ඇතුලෙ ඉන්න ඕන එවුන් එලියේ හිටියම වෙන්නේ මේක තමා .... මෙයත් ඉන්න ඇතුලේ තමා...
කථා කරන්න එපා.කිසිම සමාවක් නැ. මගේ පැත්තෙ අයට විතරයි සමාව දෙන්නෙ.
ඒ බරපතල වැරදි නොකරපු මිනිස්සු ඔය තව ඕන තරම් හිරේ ඉන්නේ ?මොකද රන්ජන්ට විතරක්
හැමෝම තමන්ගේ එකාව බේරගන්න දඟලන ගමන් ජනාධිපති තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කරනවා කියලත් කියනවා.
නෑදැකමකුත් තියෙනවා නේද මෙයා
ඇයි මෛත්‍රීපාල සිරිසේන පට්ට පල මිනී මරුවෙකුට සමාව දුන්නේ .රන්ජන්ට දුන්නහම මොකද්ද වරද ?ඇත්ත කියන හින්දා ඔක්කොම රන්ජන්ට බයයි
රන්ජා කියන්නේ කන්න දීපු ඇත හපා කන මිනිහෙක් .එක පාරක් මෙවැනි දෙයකට උදවු කල මිනිහෙක්ව ඔහු පසු කාලයකදී අපහාස කළා .කල ගුණ මතක නැති රන්ජා
නිදහස් කරන එක වෙනම කතාවක්... නමුත් තමුන් එක්ක කරපු පුද්ගලික කතාබහ පටිගත කරලා ප්‍රසිද්ධ කරන එක මහ පහත් වැඩක්...
අපි මේ දවස්වල කල්පනාකරමින් ඉන්නේ...
ආගමට, ආගමීක නායකයින් සහ රටේ නීතිය හෑලිලුවට ලක් කරමින් සැරසෙන්නෙ රටට සේවය කිරිම සදහාද? වසර 12 හිටිය රටට කරපු දේ මොනවද?
රන්ජන්ට ඉල්ලුම තිබෙනවා වගෙයි. වැරැද්ද කරපු කෙනා නොවෙයි සමාව ඉල්ලන්නේ මේ කොහෙවත් ඉන්න අය
සමාව නම් දෙන්න එපා දුන්නොත් අපි ඔබට දැක්වූ පක්ෂපාත්තිවය සුලන්ගේ යාවි. අපි ගැනත් හිතන්න.
එලියට නම් දාන්න එපා. ඉවරයි