(නාලක සංජීව දහනායක)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන්ට දුරකතන ඇමතුම් දෙමින් කළ කතාබස් ඇතුළත් බවට පැවැසෙන ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවට අද (7) පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී ඇත.
එම ඇතැම් දුරකතන ඇමතුම් නිසාවෙන් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව හා ගරුත්වය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතුවන බැවින් ඒ සම්බන්ධයෙන් ඉක්මනින්ම ක්‍රියාමාර්ගයක් ගතයුතු බව මැති ඇමතිවරුන් එහිදී අගමැතිවරයාට පෙන්වා දී තිබේ.
එමෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සහල් මිල අඩුකිරීම සම්බන්ධයෙන් කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට එහිදී අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් ජනතාවට සහන ලැබෙන්නේදැයි යන්න පෞද්ගලිකවම සොයා බලන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) පෙරවරුවේදී අරලියගහ මන්දිරයේදී රැස්වූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනන් පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දෙනාගේ කතාබහ ගැන පරීක්ෂා කරන්න කොමිසමක් පත් කරන්න ඕනෑ. එහෙම කළොත් හොඳහොඳ දේවල් එළිවෙන්න පුළුවන්... "රංගේද? " මතකනේ.
පොලිස් දෙපාර්තමේන්තුව ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස කළයුතුයි. පාර්ලිමේන්තුව ඒ පිළිබඳ කාලය නාස්ති නොකළ යුතුයි.
නමගිය දාමරිකයෙක්ව හිරෙන් එළියට ගන්න තියෙන රුදාව. මේකද අලුතින් ඇතිකරනවා කියපු විනය ?
කාරක සභාව හොඳ අදහසක්. හැබැයි රන්ජන්ගේ වැඩේ ගැන මන්ත්‍රීවරු සහ වෙනත් පුද්ගලයන් දක්වලා තියෙන අදහස් අනුව නම් පේන්නේ මේක සැලසුම් කළ බොරු අත්අඩංගුවට ගැනීමක් කියලා. හේතුව දුමින්දව නිදහස් කරගැනීම. රන්ජන් දැනන් හිටියා පොලීසිය කඩාපනින බව. ඒ හින්දා හඬපට පිස්තෝල ආදිය ලැහැස්ති කරලා තිබ්බා. ඊට පස්සේ අත්අඩංගුවට ගත්තා. සැලසුම් කළ විදිහට ඇප ලැබුණා. පොලිසිය පිස්තෝලේ ගැන කියලා හඬපට ගැන නොකිව්වේ ඒක අනන්න ඉතුරු කරලා. හැබැයි පොලිසියටයි, රන්ජන්ටයි ඇත්ත වැඩක් වගේ රඟපාන්න දන්නේ නැහැ. හිනායනවා. පස්සේ උසාවි දැම්මම තව කෙනෙකුටත් හිනාගියාද දන්නේ නැහැ. කවුද කිව්වොත් ඒ කොටස අයින් කරයි. පැහැදිලිවම පේන්නේ තමන් ළඟ මේ මේවා තියෙනවැයි කියලා ඔත්තුව දීලා තියෙන්නෙත් රන්ජන්මයි. මිනිහ කිව්වා 2020 ලංකා කේන්දරේ අනුව දීර්ඝ කාලයක් තිස්සේ හිරේඉන්න ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිදහස් වෙනවා කියලා. ඒක ලංකා කේන්දරේ තියෙනවද? මිනිහා කියන්නේ අනාවැකි නෙමෙයි අනලා දෙන වැකි. රන්ජන්ටත් නඩු ගොඩ තියෙනවා. අවසාන ජවනිකාව තමයි රන්ජනුත් ඒවායින් නිදහස් වීම. ප්රජාතන්ත්රවාදයේ බලකණු තුනම මේ තරම් දූෂිත වූ කාලයක් තවත් නැත.
අද වෙච්ච සිද්ධියකටත් කොමිසමක් පත් කරන්නකෝ... උදේ වරදකරු වී සිරගෙට... මධ්‍යයනය වනවිට ඇපෑලක් ඉදිරිපත්කර ඇප... එවිට, මේ අයුරින් පොදු ජනයාටත් ඉක්මණින්ම තම කාර්යයන් ඉටුකර ගැනීමේ ක්‍රමවේදය සකස් කරගත හැකිවේවි...!!!
ජේ.ආර්. දිනපු වෙලාවේ පොලිසියට සතියක් නිවාඩු දුන්නා. එකේ තේරුම මොළේ ඇති ඕන කෙනෙකුට තේරෙනවා. දැනුත් පොලීසිය විසුරුවා හරින්න පුළුවන් මාසයකට විතර. ඔතන ඉන්න කට්ටියට පුළුවන් ඒ රාජකාරිය කරන්න.