(නිමල කොඩිතුවක්කු)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජාත්‍යන්තරයට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ සදඟා සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් ඔහු මේ බව පැවසීය.
“රන්ජන් රාමනායක ජනතාවාදී මානව හිතවාදියාගේ නිදහස වෙනුවෙන් අදටත් අපි ප්‍රජාතන්ත්‍රවාදී සටන සහ අරගලයේ සිටිනවා. විශේෂයෙන්ම එතුමා සිරගත වී සිටීම අපටත් රටටත් දැනට පාඩුවක් හැටියටයි මම දකින්නේ. අද වගේ දවසක රන්ජන් රාමනායක මැතිතුමා නිදහස්ව සිටියානම් මේ රටේ දුක්විඳින ජනතාවගේ දුකට පිහිට වන්නට එතුමා ඉමහත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. රංජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා පුන පුනාම ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කළා. නමුත් තවමත් එතුමාට ඒ නිදහස ලැබිලා නෑ. අපි කාරුණිකව මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා නැවතත් ඉල්ලනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු ඩබල... නියමෙට ගැලපෙනවා. ජාත්‍යන්තරයට මේ දවස්වල ඕනෑ තරම් ප්‍රශ්න තියෙනවා විසඳන්න. මීහරක් එළියට දාන්නේ... මිනිස්සුන්ට කඩේ යන්න වෙලාවක් නැහැ...
හැමදේටම ජාත්‍යන්තරේට යන මෙයා 2019 ජනාධිපති වුණානම් ඉවරයි. ඒ අතින් ලංකාවේ මිනිස්සු වාසනාවන්තයි.
හැමදේටම ජාත්‍යන්තරේට යන මෙයාට පුළුවන්ද රටක් පාලනය කරන්න...? ලංකාවේ මිනිස්සු මෝඩ නෑ කියන්නේ ඒකයි...
උසාවියට අපහාස කරපු කේස් වගේ දෙකයි පනහේ ඒවා හොයන්න ජාත්‍යන්තරේට ඔල්මොරොන්දන් නෑ...!
මෙන්න මෙයාට තියෙන දැවෙන ප්‍රශ්නය...!
ජාත්‍යන්තරයට ගිහිල්ලා කියනවාද උසාවියට අපහාස කරලා හිරේ දාපු අයව නිදහස් කරන්න කියලා... නියමයි. දෙන්නම ගැන ජාත්‍යන්තරය තේරුම් ගනීවි.
දෙයියෝ සාක්කි. මරු පොරක්නේ ඔයානම්... උසාවියට උගන්නන්න ගිහින් චාටර් කාලා ගෑණුන්ගේ කෝල් රෙකෝඩ් තියාගෙන හිටපු කුජීත පොරවල් ගැන හොයන්න වෙලාවක් ජාත්‍යන්තරේට නෑ. ඒ අයට වැඩ තියෙනවා...
උසාවියට ප්‍රසිද්ධියේම අපහාස කළ කෙනෙක් බේරගන්න දඟලන පුතාණෝ කෙනෙක්.. රටේ අවාසනාවට රටේ පාලකයා වුණොත්... රටේ නීතියක් තිබේද?
කොහේ යන්නද? අන්න එහෙ යුද්දේ... අනික ටිකට් ගන්න ඩොලර් තියනවද?
කන්න දීපු අත හපාකනවා... උදව් කරපු අය පහුවදාට පාවා දෙනවා. මීට කළිනුත් ඔහුට උදව් කළ අය ප්‍රසිද්ධියේ පාවාදුන්නා.
මෙයත් බලලෝභී ඩීල් කාරයෙක් කියලා ඔප්පුවෙලා ඉවරයි. මේ රට කාගේවත් බූදලයක් නෙමේ. මීළඟට රට බේරාගන්න ඉදිරිපත් වෙන්න ජනතාවට අවශ්‍ය, නියම මහත්මා ගතිගුණ ඇති අවංක සේවයක් කරලා ඕනෑම වෙලාවක ගෙදර යන්න ලැහැස්ති ලෝභ, තක්කඩි නැති මහත්මයෙක්. ජාත්‍යන්තරයට යන්න ඕන නියම පිරිසිදු මනුස්සයෙක්...
ජාත්‍යන්තරේට යනවලු. ඒ එක්කම ජනාධිපතිගෙන් ඉල්ලනවලු රංජන් නිදහස් කරගන්න. අඩුමගානේ රටේ ඩොලර් ප්‍රශ්නයට පිටරටවලින් උදව්වක්වත් ඉල්ලුවා නම් හැමෝම සජිත්ව පිළිගනීවි හොඳ මිනිහෙක් කියලා...
ආයෙත් සැරයක් පුතාණෝ.., තමන්ගේ ඔලමොට්ටලකම පෙන්නලා...
සජිත් මැතිතුමා ජාත්‍යන්තරයට ගිහිල්ලා කියන්න හදන්නේ මොනවද? රංජන් ඇත්ත කතාකරපු නිසා අධිකරණය ඔහුට වැරැදි තීන්දුවක් දුන්නා කියලද? එහෙමනම් ඔබ කියන්නේ ලංකාවේ අධිකරණයට විරුද්ධව ජාත්‍යන්තරයට යනවා කියලාද? ඒකත් නරක නැහැ... මොකද අපිත් හඬපටවලට ඇහුම්කන් දුන්නා.. රූපවාහිනී මාධ්‍ය ප්‍රචාරය කරනකොට...
මොංගල් ගතිය තාම තියනවා වගේ. මෙයා ගිහින් කිව්ව ගමන් ටග්ගාලා ඇවිත් බේරයි.
සතුටට කරුණක්...
මෙයා ජාත්‍යන්තරයට ගිහින් බේරාගන්න තරම් රටට වටිනා කෙනෙක්ද? ජාත්‍යන්තරයට ගිහින් මෙයාගේ හඬපටත් අසන්න සලස්වන්න. සමාව ඉල්ලීම වැරදිකරු කරන්නේ නැතිනම් කාටවත් බලෙන් සමාව අරන්දෙන්න පුළුවන්ද? අල්පොන්සෝ නොඉල්ලන සමාව මේ ගොයියෝ අරන් දෙන්න හදන්නේ කොහේ තිබෙන අමාරුවකට කියා සමාව දිය හැකි පුද්ගලයා සිතනවා ඇති. සමාව නම් දෙන්න එපා.. කොටියගේ වල්ගේ අත්හැරියා වගේ ඇති. ඌ ආපසු හරි කන්නේ වල්ගය අත්හැරපු පුද්ගලයාවයි....