(නිමල කොඩිතුවක්කු)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දුන් දඬුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
එම ඉල්ලීම රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ජනතාව අතරින් එන අභියාචනයක් ලෙස සලකා බලා ජනාධිපති සමාව යටතේ ඔහු වෙනුවෙන් ගත හැ නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින් සලකා බලන ලෙස ද ජයසූරිය මහතා ඉල්ලා සිටියේය.
බොහෝ අයට අදාළව උණු වී ඇති ජනාධිපතිවරයාගේ හිත රන්ජන් රාමනායකට වෙනු වෙන්ද ද උණුවෙත්වා යයි ප්‍රාර්ථනා කරන බවත් කරු ජයසූරිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කා තාම ඒ වගේ තමයි. කොහොමහරි මොකකට හරි ප්ලග් වෙනවා. නැතිම වුණොත් මීඩියා ගෙන්නලා ස්ටේට්මන්ට් එකක් හරි දෙනවා.
ඉන්න කාලේ රණවිරුවොයි, හාමුදුරුවොයි ඇතුළට දැම්මා... දැන් පිස්සු කරනවා.
අනේ මහතතැන, උසාවියට අපහාස කරපු රන්ජන් ගැන නොවෙයි හිටපු රාජ්‍ය පරිපාලන ඇමති වශයෙන් අර මින්නේරියේ දී මේජර් වරයෙක්ගෙන් අපහාසාත්මක අකරතැබ්බයකට මුහුණ පෑ වන ජීවී සංරක්ෂන නිලධාරියාට සාධාරණය ඉටුකර දෙන්න කියලා ඉල්ලන්න බැරි ඇයි? අපි වෙනුවෙන් අපි ද?
නිකරුනේ කට නිසා සිරගතවුවෙක් ජනපති සමාව ලැබේවා
රන්ජන් රාමනායක මහතාට දුන් දඬුවම පිළිබඳව මානුෂිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ සියළු පාර්ශවයින්ගෙන් ඉල්ලා සිටිනවා..
ජනතාව ගැන උණුවෙන්න එපාද මහත්තයා...?
පොඩ්ඩක් ඉන්න... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.
නීතිය කාටත් පොදුයි. මිනීමරුවන්ට ඒක අදාළ නැතුවා...
සමකළ නොහැක. අර මැතිණිය සමඟ කළ හඬපටයට සවන් දෙන්න..
ජනාධිපතිතුමනි අල්පොන්සොට සමාවක් දෙන්න එපා. දෙවියන් සමාව දුන්නත් දෙන්නේ කළ වරදට පසුතැවෙන අයට... මොහුගේ තිබුණු උදච්චකම අපි දැක්කනේ... ඔබ පවුලේ අය හොරු කියා ලේබල් ගැස්සුවේ මෙයා. අනික සමාව ඉල්ලන්නේ මේ ගොයියා නොවෙයි වටේ ඉන්න ගොයියන්... දෙන්න එපා අයියා දෙන්න එපා. ඒ නමින් වික්ක නිසා අද මම අඹ ගෙඩිය ගත්තෙත් නැහැ..
නියමයි