( +++ ඉන්දිකා රාමනායක)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවී වෛද්‍යලංකාර මහතා සමඟ පැවැත්වූ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් ඇතුළත් හඬපටයක් පෙරේදා (11) සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය විය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඇප ලබා නොදෙන ලෙසත් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළ බී වාර්තාවක පිටපතක් ලබා දෙන ලෙසත් රන්ජන් රාමනායක මහතා රවී වෛද්‍යලංකාර මහතාගෙන් ඉල්ලා සිටීම මෙම දුරකතන සංවාදයේදී අසන්නට ලැබිණි.
මෙම හඬපටයත් සමඟ රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපට 30කට ආසන්න ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වී තිබිණි.
රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමග පැවැත්වූ දුරකතන සංවාද අඩංගු හඬපට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඇතැයි පැවැසේ.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව ඉතාම අලංකාරව සැලසුම් කරනවා මේක. අර ටෙලි නාට්‍යවල කොටස් වගේ කෑල්ලෙන් කෑල්ල කොටස් වශයෙන් පළකරනවා. පසුබිමේ ඉන්න ශුද්ධවන්තයෝ ඒකෙන් හොඳට ප්‍රයෝජන ගන්නවා. එක අතකට තමන් රහසේ කල කතා බහ රෙකෝඩ් කරලා ඒ මදිවට හාඩ් ඩිස්ක් වලටත් ගබඩා කරපු රන්ජන් ගැලපෙන්නේ පාර්ලිමේන්තුව වැනි ගවගාලකටම තමයි. දැන් එයත් අමාරුවේ, ගජමිත්‍රයෝ ටිකත් අමාරුවේ.
මේ හඬපට හුටපට අස්සේ අර ඡන්ද දවස්වල කිව්ව පොහොර නොමිලේ දෙන කතා, බඩු මිල ජීවන වියදම වගේ දේවල් ඉහල යන ඒවා දැන් කාටවත් මතක නැහැ වගෙයි පෙනෙන්නේ. කරපු වැරදි වලට නඩු වැටුන හමුදාවේ හිටපු කට්ටියටනම් නිදහස ලැබිල තියෙනවා නියමයි.
දැන් අපේ රටේ තියෙන ලොකුම ප්රශ්නය මේක තමා. ඡන්දෙට කලින් ජනතාව අන්දවපු හැටි ඔය දේශපාලුවන්ට මතකවත් නැහැ වගේ............................
මේවා පටිගත කිරීම සදාචාරාත්මක නෑ. ජනතාවට පෙන්වීම විකෘති වැඩක්.