
(නිමන්ති රණසිංහ)
සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කිරිමේ දි නීතියට අනුව නිසියාකාරව සිදු නොකළහොත් විත්ති පාර්ශවයට වන්දි ගෙවීම සඳහා අදාල පොලිසියට නියෝග කිරීමට සිදු වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (23) කුරුඳුවත්ත පොලිසිය වෙත අවවාද කරමින් සඳහන් කළේය.
රන් භාණ්ඩ සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර තුනකට ආසන්න කාළයක් විභාග වෙමින් පැවැති නඩුවක සැකකාරියක නිදොස් කොට නිදහස් කරමින් මහෙස්‌ත්‍රාත්වරයා මෙලෙස ප්‍රකාශ කළේය.
කුරුඳුවත්ත ප්‍රදේශයේ පළාත් පාලන ආයතන කාර්යාලයක රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර තුනක් විභාග විභාග වෙමින් පැවති මෙම නඩුවේ විත්තිකාරිය, විත්තියේ සාක්ෂි නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා අද (23) නියම කළේය.
මෙලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ එම පළාත් පාලන ආයතන කාර්යාලයේ ආරක්ෂක රාජකාරියේ යේදී සිටි අනූෂා ප්‍රියදර්ශනී නැමැත්තියය.
මෙම සිද්ධියට අදාළව නඩු භාණ්ඩ සොයාගෙන නොමැති වීම හේතුවෙන් තම සේවා දායිකාව නිදොස් කොට නිදහස් කරන ලෙසට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ටිකම තමයි පාස්කු ප්රහාරය සම්බන්ධවත් තිබෙන්නේ. පාදිලියෝ දකින දකින හිතෙන හිතෙන කෙනා හිරබාරයට ගන්න කීවාට ඔප්පු කරන්න සාක්ෂි නැතිනම් අල්ලා ගත්ත ත්රස්තයින් ටිකත් නිදහස් වෙනවා. එ් බැව් මේ ගොබ්බ රැල හිතන්නේ නැහැ.
නිදොස්කොට නිදහස්... මම හරි ආසයි ඒ වචන පෙළට... ජනපති සමාව යටතේ නම් වඩාත් නිවැරැදි තීන්දුවක්...
පාදිලියෝ දකින දකින අයට චෝදනා කරන්නේ නෑ බමුණුආරච්චි. සොනික් කියන්නේ කවුද කියන එක එළිදරව් වුණානම් අපිට නියම ප්රහාරකයා හොයාගන්න පුළුවන්...
මගේ අම්මෝ .කොයි ලෝකේ ඉඳලද කේවට්ට උන්නැහේ ආයෙමත් පහල වුනේ
මේ වගේ නඩු වලටත් වසර 3 ක් ගතවන්නේ ඇයි? සමහරුන් බොරු පොළිස් පැමිනිලි කරනවාට එරෙහිව ලංකාවේ ඇති නීතිය කුමක්ද? කරදර කිරිමේ චේතනාවෙන් දිගින් දිගට පැමිනිලි කිරිම දක්නට ලැබෙනවා. පොලීසි වලටත් මෙය කරදරයක්.