
(ජේ. ඒ. එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)
පන්විල හුළුඟඟ ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳ සැලක් කොල්ල කෑමට පැමිණ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටි කොල්ල කල්ලියක තිදෙනකු මත් ද්‍රව්‍ය ( හෙරොයින් , අයිෂ්) සහ කළු මුහුණු ආවරණ ,ප්ලාස්ටික් අත් මාංචූ ,මිටි ,අඬු , සෙල්ලම් පිස්තෝල සහ මැගසින් එකක් සමග අත්අඩංගුවට ගත් බව පන්විල පොලිසිය කියයි.
පන්විල පොලීස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ .රත්නායක මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිද කර ඇත.
පොලිසියට ලද රහසිගත තොරතුරක් මත මෙම කල්ලිය අත් අඩංගුවට ගෙන තිබේ.
COMMENTS