
(ලසන්ත නිරෝෂණ පෙරේරා )
වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා රතු නිවේදන නිකුත් කර තිබේ .
රත්නපුර මහ නගර සභාවට වීදී ලාම්පු සදහා රුපියල් ලක්ෂ 38 ක ව්දුලි බිලක් මාසිකව ලැබෙන අතර හිග බ්ල්පත් ගෙවෙන ලෙස මෙවර ව්දුලි බ්ල් පත සමග නිවේදනය ඒවා ඇතැයි නගර සභාවේ බලධාරියෙකු පැවසිය .
රත්නපුර මහා නගර සභාව මෙන්ම බලන්ගොඩ ,ඇබිළිපිටිය නගර සභා ද සෙසු පළාත් පාලන ආයතනද මෙම ගැටලුවට මුහුණ දි ඇති අතර පළාත් පාලන ආයතන වලට මෙම මුදල් ගෙවිමට හැකියාවක් නැති බැවින් වීදි ලාම්පු වල විදුලිය ව්සන්ධි නොකරන ලෙස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ව්දුලි බල මණ්ඩලයට දැනුම් දුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පැවසිය .
විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවත්විදුලි පහන් මගින් සිදු වන්නේ ජනතාව ට සේවයක් බවත් රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරයා පැවසිය .
රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතන වලට කිසිදු ආදායමක් නැති අතර සමහර පළාත් පාලන ආයතන වලට මෙතරම් ව්ශාල මුදලක් ගෙවිමේ හැකියාවක් නොමැති බවද ඔහු සදහන් කළේය .
රත්නපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අරුණ උපුල් මහතා පැවසුවේ ව්දුලි බ්ල්පත් සමග දැනට මාස තුනක පමණ සිට ව්සන්ධි කිරිමේ නිවේදන ලැබෙන බවයි.
රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශයේ වීදි ව්දුලි පහන් අටදහස් ගණනක් ඇතැයි ද රත්නපුර නගරයේ විදී ලාම්පු හත්සිය පහක් (705) ව්දුලි බල මණ්ඩලය ව්සින් නඩත්තු කරන බවද ඔහු පැවසිය
නියාමන ව්‍යාපෘතියක් ලෙස සූර්‍ය් ව්දුලි බල පද්ධති සවි කිරිම කෙරේහි අවධානය යොමුවි ඇතැයි රත්නපුර නාගරික කොමසාරිස්වරයා මෙහිදී පැවසිය .
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නපුර පළාත්පාලන ආයතනවලට ලං.වි.ම රතු නිවේදන
යෝගා Wednesday, 03 July 2024 01:39 PM
ගෙවාගන්න බෑ කියල ඒ බරත් අසරණ විදුලි පාරිභෝගික ජනතාවට දරන්න බෑනේ. ඔය පළාත්පාලන ආයතනවල ආදායම් හරියට කලමනාකරණය කරගනිල්ලා.
Shammika Wednesday, 03 July 2024 02:03 PM
යෝගා වීථි ආලෝක ලාම්පු සවිකරන්නේ මොකටද කියලා තේරුම් ගන්න මොළයක් නැද්ද? රාත්‍රියේ යෝගා ගමනක් ගොස් බසයෙන් බැස නිවාස වෙත පයින්ම යනවා. අතේ එළියක් නැහැ. එහෙම වෙලාවට මේ වීථි ආලෝක ලාම්පු ප්‍රයෝජන ලැබෙන්නේ නගර සභාවටද? නැත්නම් යෝගාටද? ඒක ගැන හිතන්න යෝගාට මොළයක් ලැබේවා. පළාත් පාලන ආයතන සූර්ය පැනල බලයෙන් වීථි ආලෝක කරනවා නම් හොඳයි... ඒත් ඉතින් අනවශ්‍ය කාර්‍ය මණ්ඩලය නඩත්තු කරන්න ආදායම් ඉපැයීම් නැහැනේ...
Harsha Wednesday, 03 July 2024 02:34 PM
ඔය ආයතන වල ඉන්නේ වියදම, ආදායම කළමනාකරණය කරන්න බැරි හරක් පාලකයෝද? ගහලා පන්නන්න තියන්නේ...
Jayakodi Thursday, 04 July 2024 07:00 AM
මහ නගර සභාවෙ ඉන්නෙ පවුල් දෙකතුනකට සම්බන්ධ පිරිසක් තමයි එක්ව සොරකම් කිරීම ඔවුන්ට හරිම පහසුයි අම්මා අප්පා දූලා පතාල බෑනලා ලේලිලා අයියා මල්ලි අඹුසැමි යුවළම නෑනා මස්සිනාලා වගේ අය තමයි ඉන්නෙ ආදායම් කළමනාකරණය කරන්නේ කොහොමද සැපයුම් නිළධාරි බිල් ඉදිරිපත් කර මුදල් අරගෙන බෙදාගන්නවා හැමදේම එහෙම තමයි උදේ පෙරෙට්ටුව තියල සේවයට යවන කම්කරුවන් බොහොමයක් දේශපාලුවන්ගේ හිතවතුන් නිසා ඔවුන්ගේ පුද්ගලික වැඩට යනවා සමහරක් ඔවර්සියරලා නගර සභා ගොඩනැගිල්ලෙ ඉදගෙන ඔත්තු බලනවා කවුද පරීක්ෂා කරන්න එන්නෙ කියලා කවුරු හෝ නිළධාරි කෙනෙක් ගියාම ටෙලිෆෝන් පනිවුඩ යවනවා සමහරක් ශාලා භාර කරුවන් උදේ පොත අත්සන් කර පුද්ගලික ත්‍ර්‍රීවිලර් පැදවීමට යනවා ඒක තමයි සත්‍ය තත්වය කිව්වොත් කෙලවරක් නැතුව කියන්න කරුණු තියෙනවා
Ruwan De Silva Wednesday, 03 July 2024 04:26 PM
ලංවිම පෞද්ගලික සමාගමක් නම් ශෝක් එකට පළාත් පාලන ආයතන ටිකයි, ඇමතිලා, රජයේ ලොක්කොත් හිඟ මුදල් ගෙවයි, මොකද පෞද්ගලික වුනාම පාඩු ලබන්න කැමති නෑනේ.