
(ප්‍රසාද් රුක්මල් )
වැසි සමඟ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු සියල්ල අද උදෑසන (11) විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ති ජයසේකර මහතා පවසයි.
මේ නිසා ගිරාදුරුකෝට්ට රත්කිඳ මාර්ගයේ රත්කිඳ කෝසුව ජලයෙන් යටවී ඇති හෙයින් එම මාර්ගයේ කෝසුව මතින් ගමන් නොකරන ලෙසට ජනතාවට අනතුරු හඟවා සිටි .
රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් 0.1 මීටර බැගින් සහ තවත් තුනක් 0.3 මීටර බැගින් විවෘත කළ බව පවසන ජලාශ භාර නිළධාරි දීප්ති ජයසේකර මහතා 2024-2025 මහ කන්නය සදහා මහවැලි සී කලාපය සදහා ජලය නිකුත් කර අවසන් බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd