
(සුජිත් හේවාජුලිගේ )
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක් බව සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රාහුමන් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් තමා නොයෙක්වර ප්‍රශ්න කළද ආණ්ඩුව අද වනතුරු පාර්ලිමේන්තුවට කිසිදු තොරතුරක් ඉදිරිපත් කර නැතැයි ද ඔහු චෝදනා කළේය.
මෙම කන්ටේනර් වල තිබුණේ මොනවාදැයි කීමට දන්නේ උඩ ඉන්න දෙවියන් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුව වහාම මේ ගැන රටට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බවද සඳහන් කළේය
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතින් උඩ ඉන්න දෙවියන්ගෙන් අහන්නැත්තේ? ඇහුවොත් කියන එකක් නැද්ද?
ඔක්කොටම කලියෙන් නායකතුමාට කියනවද, අර හාල් මුදලාලිගෙන් ගත්තු ලක්ෂ පන්දාහ රිටන් කරලා ඉන්න කියලා?
මෙයාලා දෙන ගේම් අහුවෙන්නෙ ඊළඟ ආණ්ඩුවකදී.
අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. බඩු ගෙන්නද්දී , හොඳ බඩු විතරක් ගෙන්නන්න කියලා ඒ අය උපදෙස් දීලා තියෙනවා. කවුරුවත් නරක දේවල් ගෙන්නන්නේ නැහැ . මේ විදියට හොරන්ට හොරකම් කරන්න එපා කියලා පොලිසි ටික වහල දාන්නත් බැරි නැහැ.
ඔය කෙරුවා කියන ප්‍රශ්න කිරීම් හැන්සාඩ් එකේ තියනවද කියන්නකෝ ?
ගිය ආණ්ඩුව කාලේ ඔහොමදෙයක් උනා නම් එක උන්නැහේ කෙනෙක් කට උල් කරලා රට දෙවනත් කරන හැටි බලන්න තිබුන.
දේශපාලන හිගන්නෝ, දැන් මෙයාලට යන එන මං නැහැ, ඒ නිසා වරායේ ගේට්ටු ගාවට වෙලා එලියට යන කන්ටේනර් ගනන් කරනවා ඇති. රේගු අධ්‍යක්ෂක පැහැදිලිව කිව්වා නේද ඒම කන්ටේනර් යැව්වේ නිසි ක්‍රමවේදයකට කියලා. ඒ ප්‍රකාශය ගැන සැහැහීමකට පත්වෙනවා බැරි නම් අවශ්‍ය නීති ක්‍රියා මාර්ග ගන්න පුළුවන්. තැන තැන රස්තියාදු ගහමින් කෙදිරි ගාන්නේ නැතුව.
මේව කලිනුත් වෙච්ච දේවල්, ඒව යම් ක්‍රමවේද අනුව රේගුවෙ තීරණ සක කල බව රේගු අධ්‍යක්ෂ ප්‍රකාශ කලා, මේක අල්ලගෙන ඔහෙ කියවයව, හැකිනම් ඔය කන්ටෙයිනරයක තිබුණ දෙයක් හොයල කියන්න ඔබතුමාට පුළුවන් වෙන්න එපායැ. කියන්නම දෙයක් නැතිව කියන කතා තමයි මේ.
නීතිය හා සාමය නොමැති රටක අපට තවත් කුමක් බලාපොරොත්තු විය හැකිද?
ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මේක වෙන්න ඕන. කරලා තියෙන්නේ හැමෝටම හොරු කියලා චෝදනා කරන පැලවත්තේ කප්පම් ජෙපි නායකයෝ. කන්ටේනර් ඇතුලේ තිබුණේ රත්තරන්ද, කුඩුද ආයයුධද කියලා කයියනායකලට උත්තර දෙන්න වෙයි අනාගතයේදී.
ටොන් පචයා , ඔයානේ මේකට දක්ෂයා!
අපි තමා හොඳටම කළේ — කන්ටේනර් පැන්නුවා , බොම්බ තිබ්බා . නොයෙක් දේවල් අපි තමා පාල පුරුදු හොරු — ජවිපෙට බැහැ