
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 30 වැනි අනුස්මරණ උත්සවය කොළඹ අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී අද (1) පෙරවරුවේ පැවැත්විණි.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට හේමා ප්‍රේමදාස මහත්මිය ප්‍රමුඛ පවුලේ සාමාජිකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
රණසිංහ ප්‍රේමදාස මහතා 1993 වසරේ මැයි මස 1 වැනිදා මැයි දින පෙළපාලියට සහභාගි වෙමින් සිටියදී මරාගෙන මැරෙන ත්‍රස්වාදී ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලා මරලා අදට අවුරුදු 30.