(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාව, වියට්නාමය , දකුණු අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකානු රටවල්  දින 14 ක කාළය තුළ  සංචාරය කළ හෝ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට නැවත දැනුම් දෙන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීම අද දින සිට අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවල , ශ්‍රී ලාංකික ගුවන් මගීන් 75 දෙනකු උපරිම වශයෙන් රැගෙන පැමිණිය හැකි අතර , ඊට අමතරව තවත් විදේශීය සංචාරකයන් ද මෙම ගුවන් යානය තුළම රැගෙන පැමිණිය හැකි බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියයි.