(සුජිත් හේවාජුලිගේ )

බලශක්ති  සංචාරක විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා  සහය ලබාදීමටරටවල් තුනක නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද පොරොන්දු වූහ.

මෙම පොරොන්දුව ලබා දී ඇත්තේ  බ්‍රිතාන්‍ය , දකුණු කොරියාව සහ ඊජිප්තුව යන රටවල නියෝජිතයන් පිරිසකි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ සභික මයිකල්  නේස්බි සාමිවරයාද ජනාධිපතිවරයා  අද හමුවිය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය හඬ අවදි කරමින් නේස්බි සාමිවරයා දැක්වූ සහාය ජනාධිපති වරයාගේ ඇගයීමට ලක් විය.