
(යොහාන් භාසුර)
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසීය.
මීට පෙර රටවල් 7 ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට තීරණය කර තිබුණු බවත් එම රටවල් ද සමඟ රටවල් 47 කට වීසා ගාස්තු අය කිරීමකින් තොරව මෙරටට පැමිණිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
‘Hotel Show Colombo 2025’ ප්‍රදර්ශනයට එක්වෙමින් එසේ පැවසූ අමාත්‍යවරයා ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ තීරණයක් තායිලන්තයේ සංචාරයක කර්මාන්ත වැඩි වුනේ ඔය තීරණය හින්දා... අගය කළ යුතුයි.
බොහොම හොඳ අදහසක්. සංචාරකයින් මෙහි පැමිණි පසු ඔවුන් මෙහේ ගතකරන කාලය තව තවත් දීර්ඝ කරගැනීමට උපායක් ලෙස රන්, රිදී සහ තඹ වැනි සහන පැකේජ් සහ විශේෂ වරප්‍රසාද ටික හදුන්වා දෙන්න කටයුතු කලොත් හොඳයි.
බොහොම හොඳයි.
ඔය කියන රටවල්වල ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන්න පුලුවන්ද? ඉතියෝපියාව , ස්වාසිලන්තය වැනි රටවල්ද ?