
(අංජුල මහික වීරරත්න)
ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීමට අදාළව වෙනත් රටවල් විසින් අනුගමනය කරනු ලබන ක්‍රම වේදයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව පත් කරනු ලැබ ඇති විශේෂඥ කමිටුව විසින් ශ්‍රී ලංකාව සමඟ සංචාරක ක්ෂේත්‍රයේ තරඟකාරී ලෙස කටයුතු කරනු ලබන රටවල් 8ක් පිළිබඳ කරුණු අධ්‍යයනය කර සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ජනාධිපති විසින් එකී වාර්තාව මණ්ඩලයේ අවධානය අමාත්‍ය පිණිස ඉදිරිපත් කරන ලදී. එම විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහාත්, එකී නිර්දේශ මත පදනම්ව 2024-10-01 දින සිට ආරම්භව මාස 6 ක කාලයක් සඳහා හඳුනාගත් රටවල් උපරිම වශයෙන් 35කට දින 30 කට වලංගු වන පරිදි ගාස්තු රහිතව වීසා නිකුත් කිරීම පිණිසත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අනිත් පැත්තට වුණානම් ලංකාවේ කවුරුවත් ඉතිරි වෙන්නේ නෑ.
ඉන්දියාවටයි පකිස්තානෙටයි බංග්ලාදේශේටයි දුන්නොත් සැප තමයි. ඔවුන් ආවොත් ආපසු යන්නේ ආපු කොටසයි...