IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රටවිරුවන් ඩොලර් මිලියන 541ක් එවලා

(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජුලි මාසයේ ඩොලර් මිලියන 541 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මෙය පසුගිය වසරේ ජුනි මාසය සමග සන්සන්දනය කිරීමේදී සියයට 78 ක ඉහළ යෑමක් බවත් මෙම වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 3363.6 ක මුදලක් මෙරටට එවා ඇති බව ද අමාත්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

රටවිරුවන් ඩොලර් මිලියන 541ක් එවලා

lankika Friday, 11 August 2023 08:51 PM

මේ ඩොලර් මිලියන ගන්නට අයිති වෙන්නේ රුපියල් වලට එවන මුදල් විය යුතුයි. NRFC (PFCA) ඩොලර් ගිණුම්වලට එවන මුදල් ඊට ඇතුළත්ද? දන්න කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න. රට විරුවකු නොවන විදේශ ශ්‍රමිකයෙකුගේ හර්ද ශාක්ෂිය වෙනුවෙනි...

:       0       0

Rata Perata Friday, 11 August 2023 10:51 PM

තව ටිකක් වැඩිපුර එවන්න. දේශපාලකයින් පදින වී8 වලට ඉන්ධන දෙන්නත් තියෙනවනේ...

:       0       0

සල්ලි Saturday, 12 August 2023 08:47 AM

ඔතැන වැඩිපුර ඇත්තේ වැඩ කරන දුප්පත් පංතියේ අය. ඒ වුණාට ඒ සල්ලි කළමනාකරණය කරන්නේ නිකමුන්....!

:       0       0

බද්රානි Saturday, 12 August 2023 03:30 PM

පුළුවන් තරම් පිටරටවල කඹුරලා, අනුන්ව සතුටු කරන්න ලංකාවට මුදල් එවලා දැන් නුඹලාට සුගතියක් වෙලා තියනවාද? ජීවිත කාලය පුරාම දුක්විඳලා ලංකාවට මුදල් එව්වාට තවමත් හිඟන්නෝ නේද...? ඔය ඉන්න රටක පාලකයින්ට හා ජනතාවට පින්සිද්ධ වන්නට ඒ අයටත් පින්දීලා කාපු පතේ පහරන්නේ නැතිව, හම්බ කරන මුදලින් ඒ රටක කාලා ඇඳලා සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙන්න. නැත්නම් ඉතින් මතු උපදින භවයේත් මේ තක්කඩි අමනයින්ගේ පොළොවේම බහිරවයින් ලෙස උපදින්න ප්‍රාර්ථනා කරගෙන පාලකයින්ව හා පූජකයින්ව පෝෂණය කරලා පව් ගෙවලා මැරිලා යමල්ලා මෝඩ මිනිසුනේ...

:       0       0

D. Susantha Saturday, 12 August 2023 08:08 PM

අපි ඕමාන් ඉඳන් එව්වේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site