
(සුජිත් හේවාජුලිගේ)
මත්පැන් නිෂ්පාදන ආයතන 39 ක් රුපියල් කෝටි 725 ක පමණ බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මත්පැන් නිෂ්පාදන ආයතන 13කින් රුපියල් කෝටි 715ක්ද රානිෂ්පාදන ආයතන 13කින් රුපියල් ලක්ෂ හැට දෙකකට වැඩි මුදලක් ද මත්පැන් ස්කාගාර තුනකින් රුපියල් කෝටි තුනකට වැඩි මුදලක්ද වශයෙන් බදු ගෙවීම මෙසේ පැහැර හැර ඇති බව එම වාර්තාවේ දැක්වේ.
මෙයට අමතරව මත්පැන් නිෂ්පාදන ආයතන හතරකින් අපතය සඳහා හිඟ බදු වශයෙන් රුපියල් කෝටි හතකට ආසන්න මුදලක්ද පවතින බව විගණන අංශ පවසයි.
පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනට විගණනයට ඉදිරිපත් කළ හිඟ ආදායම් වාර්තා අනුව මෙම ගණනය කිරීම් කර ඇත. සුරා බදු නිවේදන වල විධිවිධාන ප්‍රකාරව හිඟ ආදායම අය කරගැනීමට කටයුතු කර නොතිබූ බවත් මුළු හිඟ සුරා බදු ආදායම ක්‍රමයෙන් වැඩිවීමක් නිරීක්ෂණය වන බවත් විගණන කාර්යාලය පවසයි.
මේ අතර බීඩි කර්මාන්තයේ නිරත ආයතන 318කින් ආයතන දෙසිය දොළහක් ලියාපදිංචිය අලුත් කර නොතිබූ බවත් ඒ සම්බන්ධයෙන් පසු විපරමක් ද කර නොතිබූ බවත් විගණන වාර්තාවේ දැක්වේ.
ලියාපදිංචි කර තිබූ ඉතිරි ආයතන 106 න් පසුගිය වසරේදී කිසිදු බදු මුදලක් අය වී නොතිබුණු බව සඳහන් කරන වාර්තාව බදු අය කර ගැනීමේ දී සුළු පරිමාණ මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ වශයෙන් නිෂ්පාදකයන් වර්ග කර නොතිබූ බවද සඳහන් කරයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටබීම ෆැක්ටරිවලින් කෝටි 725 ක බදුපොල්ලක්
සෙනෙවිරත්න Wednesday, 26 June 2024 09:28 AM
ආ කමක් නැහැ, ඕක අපිම ගෙවල දාන්නම්, නව බද්දක් හඳුන්වා දෙන්න ඒකට නම දාන්නම් සුරාබදු වංචා පියවීමේ බද්ද කියල, පව් අසරණ සුරාබදු මහත්වරුන් තවත් ටිකක් පෝසත් කරමු, බාර් කාරයොත් ඉතින් අපි දෙතුන්ගොල්ලගෙම අයනේ
Post office kumari Wednesday, 26 June 2024 09:46 AM
සුරා බදු එකට පඩි ගෙවන්නේ මොකටද
duminda Wednesday, 26 June 2024 09:48 AM
තවත් සුබ ආරංචියක්
පිටරටවැසියා Wednesday, 26 June 2024 10:42 AM
ආරංචිය සුභයි... මේක තමයි දැන් අලුත්ම එක ...ප්‍රතිපලය තමයි නිතර දකින මෙවැනි සුභ පුවත් !!
de silva Thursday, 27 June 2024 06:11 PM
ඔය කොම්පැනි අයිති අර අර්ජුන ඇලෝසියස් වැනි දුප්පත් මිනිස්සුන්ටනේ.. ගෙවන්න සල්ලි නැතුව ඇති , සුරාබදු එකටත් ඕවාට සීල් තියන්න යන්න වේලාවක් නැතුව ඇති... ආරංචිය නම් සුබයි.