
(යොහාන් භාසුර)
අයවැය ලේඛනයෙන් ඉහළ දැමූ සුරාබදු අද (13) සිට ක්‍රියාත්මක වන බව සුරාබදු දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා ' ලංකාදීප' යට පැවසීය.
එම බදු ඉහල දැමීම අනුව විශේෂ අරක්කු සඳහා පනවා තිබූ බද්ද රුපියල් 3,800 සිට 4,180 දක්වා රුපියල් 380 කින් ද, මොලෑසස්, තල් අරක්කු, පොල් අරක්කු සහ පදම් කළ අරක්කු මත බද්ද රුපියල් 410 කින් ඉහළ දැමූ බවත් දේශීයව නිෂ්පාදනය කරන විදේශීය අරක්කු වන විස්කි, බ්‍රෑන්ඩි, ජිම් සහ රම් වැනි අරක්කු සඳහා පනවා තිබෙන බද්ද 4,150 සිට 4,570 දක්වා රුපියල් 420 කින් ද ඉහළ දැමූ බවත් කුමාරසිංහ මහතා කීය.
සැර ප්‍රමාණය සියයට 5 ට අඩු බියර් රුපියල් 100 කින්ද සැර ප්‍රමාණය සියයට 5 ට වැඩි බියර් රුපියල් 250 කින්ද ඉහළ දැමූ බවත් ආනයනික වයින් සඳහා බද්ද 3,300ක් දක්වා වැඩි කළ බවත් මහතා සදහන් කළේය.
විශේෂ අරක්කු මිලිලීටර 750 බෝතලයක් සඳහා බදු රුපියල් 96.14 කින් ද, වෙනත් අරක්කු රුපියල් 103.73 කින් කින් ද බදු ඉහළ දැමූ බව කී කුමාරසිංහ මහතා දේශීය නිෂ්පාදන විදේශ වයින් මිලිලීටර 750 ක බෝතලයක බද්ද රුපියල් 126.84කින් ඉහළ දමා ඇති බවත් සඳහන් කළේය.
මෙම බදු ඉහළ දැමීමත් සමග සැර ප්‍රමාණය සියයට 5 ට වඩා අඩු බියර් බෝතලයක් රුපියල් 3.10 කින් ද, සැර ප්‍රමාණය සියයට 5 ට වඩා වැඩි බියර් බෝතලයක් රුපියල් 14.00 කින් බදු වැඩි කර ඇතැයි ද කුමාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ට හුරේ දමමින් අරක්කු කාලට ඔවුන් පසුපස යන බේබද්දන්ට හොඳ වැඩේ.. බොරුවෙන් ජීවත් වෙන නුඹලාට කන්න බොන්න වත් පිනක් නැහැ. යුරෝපය ඇතුළු සංවර්ධිත රටවල ඔය කියන බීම ජාතිවල මිල ගණන් ඉතාමත්ම අඩුයි. වයින් හෝ බියර් එක ඔවුන්ගේ ආහාර වේලට සාමාන්‍ය දෙයක්. නමුත් ඒ අය තියන පලියට බේබදුකමට බොන්නේ නැහැ. නුඹලාට ගැලපෙන්නේ නම් ඉතින් කසිප්පුම තමයි. එක අතකින් සිංහල බේබද්දන් හිඟන්නන් කිරීමට හා මුස්ලිම් ජනතාවගේ මුදල් ඉතිරි වෙන හොඳ ක්‍රමයක් මේක. සිංහල බෞද්ධ යයි පාරම් බෑවාට, එක්තරා විදිහක මුස්ලිම් සංස්කෘතියක් තියන රටක් මේක... පෝයට හොරෙන් බීලා අනුන්ගේ උත්සවවලට ගොස් පිනටම හොඳට සප්පායම් වෙන ජාතියක්නේ අපි නේද? කාලා, බීලා, ඇඳලා සැනසීමෙන් ජීවත් වෙන්නත් පින තියෙන්න ඕනෑ මිනිසුනේ. මොනවා කරන්නද, කරුමේ කියලා හිත හදාගෙන තියන දේත් බහිරවයින් වගේ හංගගෙන, ලබන ආත්මේදී, දිව්‍ය ලෝකේ ඉපදෙන්න පෙරුම් පුරාගෙන පව් ගෙවපල්ලා මෝඩ මිනිසුනේ...!!
මෙහෙම අසාධාරණ විදිහට රට බීම මිල වැඩිකරලා රටක් හැටියට ඉස්සරහට යන්නේ කොහොමද අප...?
"මෙම බදු ඉහළ දැමීමත් සමග සැර ප්‍රමාණය සියයට 5ට වඩා අඩු බියර් බෝතලයක් රුපියල් 3.10 කින් ද, " මොනා අද මගෙන් රුපියල් 32 වැඩියි ගත්තා බියර් බොතලෙට. සැර 4.5.
මෙහිදී විශේෂ කරුණක් ලෙස කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ මෙම සමාගම් නිෂ්පාදනය කරන මත්පැන් අලෙවි වුවත් නැතත් නිෂ්පාදනය කරන ප්‍රමාණය සඳහා බදු ගෙවිය යුතුවන හෙයින් වැඩි වන බදු මුදල් ඉහත සඳහන් කර ඇති පරිදි වුවත් සිල්ලර මිල තීරණය කිරීමේදී තවදුරටත් මිලෙහි යම් වැඩිවීමක් සිදුවිය හැකි බවයි. ඒ සඳහා එම සමාගම් වෙත නීතිමය අවසරයක් තිබෙන බවත් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය. ඒ කියන්නෙ මෙහි මිල පාලනය වන සමාගම් වලද?
ඉතා වැරදි තීරණයක්... කසිප්පු වලට ඉල්ලුම වැඩිවේවි...!
මට නම් ප්‍රශ්නයක් නැහැ .මම ලොකු මිනිසුන්ට රසායන විද්‍යා ටියුෂන් පන්තියක් දාලා නිස්සාරණය ගැන කියලා දෙනවා?
ඉන්න හිතෙන රටක්...