
(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා ජනතාවට (ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින්) පොල් පැළ ලක්ෂ 23ක් ලබන වසරේදී නොමිලේ බෙදාදීමට රජය තීරණය කර ඇත.
පොල් අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා රාජ්‍ය අංශය පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා පෞද්ගලික ව්‍යවසායකයන්ද දිරිගැන්විය යුතු බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
මේ අතර තේ සහ කුරුදු පැළ ලබන වසරේදී නොමිලේ ලබාදීමටද තීරණය කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි
ලියාපදිංචි නොකළ තේ පොල් කුරුඳු පැළ තවාන් රජයේ ලියාපදිංචි කර තවාන් හිමියන්ට මූල්‍ය ආධාර සහ තාක්ෂණික පහසුකම් ලබාදීමටද රජය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් දැන්වත් මෙහෙම තීරණයක් ගත්තා.වසර 15 කට විතර කලින් කරන්න ඕනේ වැඩක් මේක.ලස්ශ 23 ක් නොවෙයි පුළුවන් නම් ලස්ශ 50 ක් දෙන්න .මේවට ණය ගත්තත් කමක් නැහැ.මොකද පලදාව තියනවා,පුළුවන් නම් අපනයනය කරන්න බලන්න
මෙම කටයුත්ත දැනට කලක සිටම කරනවා. නමුත් පසු විපරමක් කරන්නෙ නැහැ සමහර අවස්තාවල පොල් පැල පාසැල් හරහා දෙනවා ළමුන් ඒවායේ පැල මදය කාලා පැල විසි කරනවා. ඇත්තටම පැල දෙනවිට සිටුවීමට ඉඩක් තියෙන අයට පමණක් දෙන්න. මෙතෙක් දුන්නු පැල හරියට සිටෙව්වා නම් ලංකාව පොල් වලින් සශ්‍රීක වෙලා බොහොම කල්
මගේ පර්චස් 20 වත්තේ පොලගස් 4ක් තිබෙනවා.. මාසයම කන්න පොල් ඒ ගස්වලින් ලැබෙනවා.. 5 වෙනි ගහට පැලයක් මෙතැනින් ඉල්ලා ගන්න ඕනේ...
පොල් පැල ලබාදෙන එකනම් ගොඩක් හොඳ දෙයක්... මට පොල් පැළ ලබා ගන්නේ කොහොමද?