
(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)
වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව රටපුරා ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හලින් පසුව අද (21) ඉන්ධන නිකුත් කළේය.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද පස්වරුවේ පැවසුවේ රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසකට ඉන්ධන තොග ලැබුණු බවත් එම ඉන්ධන වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් අංකය 3, 4 සහ 5 සඳහන් වාහනවලට පමණක් ඉන්ධන නිකුත් කළ බවත්ය.
ඉන්ධන ලබාගැනීමට දිගු වාහන පෝලිම් රට පුරා අද දැකිය හැකි වූ අතර ජනතාව ඊයේ සිට කොළඹ නගරයේ ඉන්ධන පෝලිම්වල රැදී සිටියහ.
බලශක්ති අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘ජාතික ඉන්ධන බලපත්‍රයේ’ කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කිරීමේ පරීක්ෂණය වැඩසටහන කොළඹ තෝරාගත් ඉන්ධන පිරවුමහල් කීපයක ක්‍රියාත්මක කළ ද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අසාර්ථක වූ බව වාර්තා වේ.
කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යංශය අද පස්වරුවේ පැවසුවේ ද කිව්.ආර්. සංකේතය ක්‍රමය ලබන 25 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි. මාසයකට අධික කාලයකට පසුව සිපෙට්කෝ ඉන්ධනහල්වලින් මේ ආකාරයෙන් අද ඉන්ධන නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටුවේ නම් 99% ක් මිනිස්සු හරි අන්කයට පෝලිම් වල ඉදල පෙට්ට්‍රල් ගැහුව. ඒත් මොරටුව MPCS එකේ තක්කඩි පෝලිම් නැතුව හොරෙන් අනික් පැත්තෙන් වෙන වෙන නම්බර්ස් තියෙන කාර් වලටත් පෙට්‍රල් ගැහුවා...පොලිස්, ගුවන් හමුදාව පඹයො වගේ හිටියා,,,,,, රට හදන්න කතාකලාට රට කාපු එවුන් වගේමයි ඔක්කොමලා
QR කේත ක්‍රමය නම් ක්‍රියාත්මක කළ යුතුමයි.
QR ක්‍රමය ඉතා හොඳ ක්‍රමයක්. ඒත් ජාවාරම් කරුවන් සහ සීමිත පිරිසක් මෙය ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන්ගේ වාසියට. මෙම ක්‍රමයට අප සියලු දෙනා දැන්වත් අනුගත විය යුතුයි. නැතිනම් රට පුරා ෂෙඩ් පුද්ගලයන්ට බාර දී ඕන ඕන ගණන්වලට ලබාගත යුතුයි. කාලාන්තරයක් පුරා අපි නියමිත මිලක් යටතේ ඉන්ධන මිලදී ගත්තත් වර්තමානයේ රට තුළ ඇති කරවූ ව්‍යවසනයට සෘජුව දේශපාලන ක්‍රියාදාමය සහ පුද්ගල බද්ධ අරමුණු වගකිව යුතුයි. මේ නිසාම පහළ ස්ථරය තුළ අවිධිමත්ව කණ්ඩායම් බිහිවෙමින් ඉන්ධන අසීමිත මිලට විකුණූ අතර කරකියාගන්න දෙයක් නැතිව අප බොහෝදෙනා කීයට වුවද ඉන්ධන ලබාගත්හ. වැරැද්දක් සිදුවුවද දැන් එය නිවැරැදි කිරීමට අප සියලු දෙනා එක් විය යුතුයි. එ නිසා ලබා දී ඇති උපදෙස් වලට අනුගතවීම අවශ්‍ය වේ. 21දින සමහර ෂෙඩ් වල අංක තහඩුවට ඉන්ධන ලබා දුන්නද බොහෝ ස්ථානවල අවිධිමත් ඉන්ධන ලබාදීම් දැකිය හැකි විය. පළමුව අපගේ ආකල්ප සකසා ගැනීම ඉතා වැදගත් වේ.
කියන විදියට සාර්ථක නොමැත. මමත් පොලිමේ හිටියා මට 1500ක් ගැහුවා. හිතවත් අයට ෆුල්... තෙල් ඉවරයි කිව්වා. ගොඩක් අයට තෙල් නැතුව යන්න වුණා. කොහේ ගියත් තෙල් නැත. ඉතින් කොහෙද සාර්ථක නොරොච්චෝල...?