IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රටට කාන්තා නායකත්වය අත්‍යවශ්‍යයි

(අංජුල මහික වීරරත්න)

වර්තමාන සමාජයේ කාන්තා නායකත්වය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කීවාය. 

ඒ සඳහා වන හැකියාව ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සතු වන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

අරලියගහ මන්දිරයේ පැවති ලෝකයේ  විශාලතම කාන්තා ස්වේච්ඡා සංවිධානයේ සමාජිකයකයෙකු වන ශ්‍රී ලංකා බලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කරන ලද. "ශ්‍රී ලංකා බාල්දක්ෂිකා සංගමයේ ජනාධිපති බාල දක්ෂිකා සම්මාන ප්‍රදානෝත්සවය අමතමින්  අග්‍රාමාත්‍යවරිය  මේ බව සඳහන් කළාය. 

මෙහිදී බාලදක්ෂිකාවකට හිමිකර ගත හැකි ඉහළම සම්මානය වන ජනාධිපති බාලදක්ෂිකා සම්මානය  306 දෙනෙකු වෙතත්, අගමැති බාලදක්ෂිකා සම්මානය  18 දෙනකු වෙතත් පිරිනැමිණි.

"1917 මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරය අද වන විට දිවයින පුරා ව්‍යාප්ත වී  තිබෙනවා.

ගැහැනු දරුවකුට අවුරුදු අටේ සිට විවිධ අභියෝග වලට මුහුණ දෙමින්, රටට නායකත්වයක් ලබා දෙන්න පුළුවන් විදිහේ පරිපූර්ණ හොඳ ගුණාංග තියෙන දැරියන් බවට පත්වෙන්න මෙමගින් අවස්ථාව සැලසෙනවා.

අපේ රටට අවශ්‍ය වෙන්නෙත් එවැනි ශක්තිමත් දරු පරපුරක්. ඒ වගේම මේ සම්මානලාභීන්ගේ කැපවීම පමණක් නෙවෙයි. ඔවුන්ගේ  ජයග්‍රහණ වෙනුවෙන් ඔවුන් සමඟ පිටුපසින් සිටි දෙමව්පියන්, ගුරුවරුන්,  මාර්ගෝපදේශිකාවන් නායක නායිකාවන්ගේ සහයෝගයත් බෙහෙවින් අගය කළ යුතුයි යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

 



අදහස් (0)

රටට කාන්තා නායකත්වය අත්‍යවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site