(සුජිත් හේවාජුලිගේ )
රට අරාජික නොකර අවුරුද්දක් නිදහසේ හුස්ම ගන්න ඉඩදී දේශපාලනය කරන්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
"ඔබේ අරගලය කරගන්න. නමුත් දියුණුවේ පාර වැහුවොත් රට අරාජික වීම වළක්වන්න බැහැ" යැයිද ඔහු සඳහන් කළේය
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොවිඩ් වසංගතයෙන් වසර තුනකට පසු පැමිණි චීන සංචාරකයන් රැගත් පළමු ශ්‍රී ලංකන් ගුවන් යානය පෙරේදා (1) රාත්‍රී පිළිගනිමිනි.
චීන සංචාරකයෝ එකසිය විසි දෙනෙක් එම ගුවන් යානයෙන් මෙරටට පැමිණියහ.
හරින් ප්‍රනාන්දු මහතා මෙසේද සඳහන් කළේය.
චීන සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීම විශාල ප්‍රගතියක්. චීන සංචාරකයන් ලක්ෂ පහක් ඉදිරි ඉදිරියේදී පැමිණියහොත් ඉන් ලැබෙන මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන මුදලට සමානයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුස්මක් අරන් වැඩේ දෙන්න වගේ යන්නේ...?
ගෝඨා මහතා ඉන්න කොටත් ඔබතුමාලා එහෙම හිතුවා නම් රට මෙලහට යම්කිසි තැනක. සිංහල බෞද්ධ ඡන්දවලිින් බලයට පැමිණි බව ප්‍රකාශ කළත් හරි ඔබතුමාලා ඔහු සමඟ වෛර බැඳ ගත්තා. ගෝඨා මහතාට මාස 6ක් වැඩ කරන්න ඉඩ නොදී "සර් ෆේල්" කැම්පේන් එක පටන් ගත්තෙ ඔබතුමා. අපට ඒවා මතකයි. කෙසේ වුවත් ඔබගේ මේ යෝජනාවට ඉඩ දුන්නොත් සජබයින් සහ ජජබයින්ට කරන්න ජොබ් එකක් නැතුව යනවා. දන්න එකම දේ වර්ජන තර්ජන සහ කඩාකප්පල් ත්රීම්නෙ.
තමුන්ගේ නායක පිනාට කියන්න නියමිත වෙලාවට මැතිවරණ තියන්න කියල තවත් රට අරාජික කරන්නේ නැතිව
මේ යන විදිහට අවුරුද්දක් යනකොට රටේ වැඩි දෙනෙකුට හුස්ම හිරවෙලා තියේවි
එහෙම බෑනේ මෙයා. රට හැදුනොත් අපි කොහොමද මිනිස්සුන්ව ගොනාට අන්දගෙන ඉන්නේ. අපේ ගොඩ වැඩිවෙන්නේ රටට කෙලවෙලා තියෙනකන් තමයි.
මං හිතන්නේ හරීන්ගෙ තාත්ත හීනෙන් කියල..මෙතුමන් කාලෙකට සිල්.....කාලෙකට සුසිල්.....අනික් කාලෙට බැසිල්. හැමදාම කැසිල්.ලෙන් පුවත් මවනවා.
පොදුජනයා එක පයින් කැමැතියි. පොඩි පරහකට තියෙන්නේ 225න් කවුරුවත් තමතමන්ගේ සුඛවිහරණය හා කොමිස් ගැහිල්ල නතර නොකරන එකයි.
තව අවුරුද්දක් ඔබලා හිටියොත් රට විනාශ වෙලාම යනවා රටේ ඉතිරි ටිකත් චීනයටයි ඉදින්යාවටයි ඇමරිකාවටයි විකුණනවා මේ පරදේකාර හොර නඩය. ඒ නිසා එක දවසක්වත් ජන වරමක් නැති උබලට බලයේ ඉන්න අයිතියක් නැහැ. වහාම ඉල්ලා අස්වෙයලා.
මේ කෙලින්ම නොකියා ව්‍යංගයෙන් කියන්නේ,මේ විදිහට බදු වැඩි කරමින්,බඩු මිළ වැඩි කරමින්,ලයිට් බිල් වැඩි කරමින්,රට කෑ දූෂිතයන් නොඅල්ලමින්,ජනතාවගේ මතයට ගරු නොකරමින් තවත් වසරක් යහතින් වැජබෙන්නට ඉඩදී ඇස් කන් පියාගෙන ඉන්න කියනා ඒකනේ .. එහෙම නේද ? අපූරු යෝජනාව .. හික් හීක් ..
බාලගිරි වගෙයි හැමොම අවුරැද්ද අවුරැද්ද ඉල්ලනවා කවදාවත් හොද වෙන පාටක් නැ
ලයිට් බිල් ගෙවන්නෙ කවුද?
අනේ මිනිහෝ.... ඉතුරු ටික නොකියම ඉන්නම් මම..... ඉතුරු ටික කිව්වොත් මෙ පොස්ට් එක දාන්නෙ නෑ,,,,, එනිස නොකිය ඉන්නම්...
රටට අවුරුද්දක් හුස්ම ගන්න දෙනව කියන්න හොරු රැලට ජීඑවත් වෙන්න බලයෙ ඉන්න තව අවුරුද්දක් ඉඩ දෙනව කියන එක... එතකොට අපි කන්න බොන්න නැතිව කලුවරෙ හාමතෙ මැරිල.....
මේ සුන්දර රට ගොඩගැනීමට ඇති ප්‍රධානම විකල්පය දූෂිත පොහොට්ටු නායක හොරුන් රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීම බව ඔබ වැනි තොත්ත බබෙකුට නොතේරුණාට,දන්නා අය දන්නවා.ජනතාව විසින් පන්නා දැමූ ඔබ ඇතුළු එජාප නඩයට පින් චාන්ස් මන්ත්‍රී කම පමණක් තියාගෙන පොහොට්ටුවේ පිහිටෙන් තාවකාලිකව හෝ මෙසේ කතා කිරීමට ඇති අයිතිය කුමක්ද?
දැන් ඇති උබලගෙ කයිවාරැව. තොපි සැප වින්දෙ නයට ගත්ත සල්ලිවලින් . අපෙ දරුපරපුර සදා හිගන්නො උනා තවත් පවු නොදී පලයල්ල.
රට ගොඩ ගන්න පුළුවන් රනිල්ට පමණයි. ගෝඨාට චන්දය දුන්න අය ඒක දැන ගත යුතුයි .හරීන්ටයි ,රාජිතටයි ස්තුතියි .ඒ ගොල්ලන්ගේ කතා වලට .ජයවේවා