
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 28 වැනිදා රැස්විය.
මේ තීරණය දැනුම්දී ඇත්තේ එම රැස්වීමේදීය. මේ අතර වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ලබාදීමට නියමිත රුපියල් කෝටි 500ක මුදල ඵලදායී ලෙස යෙදවීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව කාරක සභා සභාපතිවරයා දැනුම් දුන්නේය.
ජාතික විගණන කාර්යාලයේ 2025 වාර්ෂික කාර්ය සාධන වැඩසටහන අධ්‍යයනය කරමින් එම වැඩසටහන තවදුරටත් ඵලදායි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර වාර්තා සැකසීමට අනුකමිටුවක් පත් කිරීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙහිදී තීරණය කර ඇත. රටේ සියලු වත්කම් පිළිබඳ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා ඒ සම්බන්ධව කටයුතු කරන සියලු නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවීමටද තීරණය කර ඇත.
2024 මහා කන්නයේ සහල් අස්වනු ප්‍රමාණය පිළිබඳව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට ඉදිරිපත් කළ දත්ත නිවැරදි නොවීම පිළිබඳව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී විමසා සිටියේය. එය සන්නිවේදනයේදී සිදුවූ අතපසුවීමක් බව කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පක්ෂයට තව අවුරුදු 20ක් ඡන්ද කරන්න එක පාරක් හාල් ගෙනල්ලා කොමිස් වලින් ගොඩ දා ගත්තා. ආයෙ ඒක නිසා හාල් ගේන්න ඕන වෙන එකක් නෑ මේ මාසෙට. අවුරුද්දට හාල් හිඟ වුණාම ආපහු ගේනවා. ඡන්දෙත් එතකොට ඉවරයිනේ. ගොන්නු ටික එතකොට ඡන්දෙ දීල ඉවරනෙ.
ඔය කියන සන්නිවේදන දුර්වලතාවය නිසා අනුන් වෙනුවෙන් මේ පවත්නා රජය බලු බැනුම් ඇහුවා, හර්ෂ මහත්මයා, හාල්ම ඉල්ලල වැලපෙන සජබෙ අයට ඇත්ත තත්වය හෙළි කරාට ස්තූතියි. දැන්වත් ඔය හාල් පොල් හිඟයට අනුර පලි නැති බව බපිළිගන්න.
රට ආපස්සට යනවා. ලැජ්ජයි එන්පීපී ගැන
පුන්නක්කු කන උන් ලක්ශ හැට ගාණක් ඉන්න නිසා හාල් ගේන්න ඕන නෑ. උන්ට පුන්නක්කු හදන්න පොල් වලින් සම්බල් කන්නෙ නැතුව, හොදි හදන්නෙ නැතුව ඉඳපල්ලා.
රනිල් හෙන කට්ටක් කාලා, ඩොලර් මිලියන 6200ක සංචිත ගොඩ ගහලා ගියා. මොවුන් ඒවාගෙන් හාල්, පොල්, ලුණු ගෙන්නලා සංචිතේ ඩොලර් මිලියන 370ක් එක මාසෙන් ඉවර කරා. කොහොමද ඒක?
ඉංග්‍රීසි කියමනක් තියෙනවා, 'සුරදූතයෝ අඩියක් තියන්න බය තැන්වලට මෝඩයෝ කඩාබිඳගෙන ඇතුල්වෙනවා' කියලා (Fools rush in where angels fear to tread). ලංකාවේ පාලනයට වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්...
අවුරුදු 76 ක්ම සුරදූතයෝ හිටපු නිසා රට සුරපුරයක් වුණා.
කවුරු කොහොම කිව්වත් රටේ බුද්ධිමත් ජනතාව NPP එක සමගයි. ලංකා ඉතිහාසයේ වැඩිම තනි පක්ෂයකට ලැබුණු ආසන 159ක ජනවරම. අතිගරු අනුර දිසානායක ජනාධිපතිට ජය වේවා..!
නීල් හරිම බුද්ධිමත්. මොකද නීල් NPP... නූගත් ජෙබයියෝ...!