(නිමල කොඩිතුවක්කු)
රටේ ස්වාධීනත්වයට අභිමානයට ඇඟිලි ගැසීමට කිසිදු විදේශයකට හෝ ජාත්‍යන්තර ආයතනයකට ඉඩ ලබා නොදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කොළඹදී පැවසීය.
විදේශීය ඇඟිලි ගැසීම්වලින් තොරව රටේත් ජනතාවගේ ස්වාධීනත්වය සහ අභිමානය රැක ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වත්මන් රජය ආරම්භ කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මුලස්ථානයේ දි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
" අද ආණ්ඩුව හමුදාකරණයට ලක් කරලා, හදිසි නිතිය ගෙනල්ලා කියලා මේ දවස්වල එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ මිෂෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
ලෝකයේ රටවල් 104 ට ආසන්න ප්‍රමාණයකට අද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් හදිසි නිතිය ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ සියලු රටවල් පේන්නේ නැතිව අද අපේ රටට විතරක් බලපෑම් කරන්න උත්සහ කරන එක පිළිබඳව අපි කණගාටු වෙනවා.
සජිත් සහ රනිල් හිටපු ආණ්ඩුවෙන් ගත් තීරණ නිසා තමයි අපි තවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ බලපෑම්වලට ලක් වෙන්නේ. අපේ රටේ ස්වාධීනත්වය අභිමානය රැකගෙන තමයි අපි කටයුතු කරන්නේ කියලා අපි අවධාරණය කරනවා" යයිද ඔහු එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හදිස්සි නීතිය ක්‍රියාත්මක කරන රටවල් 104 නම් කරන්න පුලුවන්ද ?නිකන් බොරු කියන්න එපා
නොදන්න දේවල් කතා නොකර හිටියොත් මොකද
ඔය කතා හරියන්නේ ගමේ මෝඩ මිනිස්සුන්ට විතරයි
ඔය ස්වාධීනත්වයයි අභිමානයයි දැන් අවුරුදු ගානක් තියාගෙන අපි තාම හිඟා කන ජාතියක් වෙලා තියෙන්නේ ඇයි කියලත් ඔය එක්කම කියනවද?
මෙහෙමත් වෛරයක්.
දේශපාලකයන්ගේ සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබන මාෆියාවලට පෑගිලා වහල්ලු වගේ ජිවත් වෙන අපට ඔය කියන අභිමානය පලක් තිබේද?
මෝඩ කම අපට පෙන්නුවාට ලෝකයටම පෙනෙන්නට එපා!
රටේ පාලකයෝ මානව හිමිකම් උල්ලංඝනය කරන තෙක්, හිරකරුවන් පාලකයාට කැමති විදියට නිදහස් කරමින් රටේ නීතිය වලපල්ලට දමන තෙක්, රටේ විනිමය පාලකයන් මංකොල්ල කන තෙක්, පාලකයාට කරදරයක් වන දේශපාලන ක්‍රියාකාරීන් සිරගත කරනතෙක් දියුනු විදේශ රටවල් ඇගිලි ගසාවි පොදු මහජනයා වෙනුවෙන්.
ඔබතුමා ප්‍රකාශ කරන විදිහට මේ අවස්ථාවේ ලෝකයෙන් භාගයකට වැඩි ප්‍රමාණයක් හදිසි නිතිය පනවලා,දෙවෙනි ලෝකයෙන් පස්සේ තවම එවැනි අවස්ථාවක් උදා වෙලා නැහැ.
බොරු කියන්න එපා
අන්න විනය පරීක්ෂනයක්ලු. දැන් ඉතින් ඇඟිල්ල පස්ස පැත්තේ ගහගෙන ගෙදර යන්න බලාගෙන ඉන්න
මෙයාට විරුද්ධව සාගර විනය පරීක්ෂණ කරන්න හදනකොට එකෙන් බේරෙන්න ලකුණු දමා ගන්න ලෝකේ නැති බොරු කියනවා
ඔයා කියන දේවල් වලින් මහජනතාවට සෙතක් වෙලා නෑ ,රජයත් සමග මහජනතාව සූරා කන වෙළඳ මාෆියාවට විරුද්ධව ජනතාව පෙලගස්සවන්න
බලලෝභී, දුශිත දේශපාලුවෝ ඔය කියන ස්වාධිනත්වය, අභිමානය නැති කරලා හුගක්කල්. හැබැයි දැන් සෞභාග්‍යයේ දැක්ම නම් තැන් තැන්වල පේන්ඩ තියෙනවා තැබෑරුම් ගාව.
ඔව් ඔව් පේනවා. චීනේ රටට කරන ටික
බොරුව එපා ,පිටරටවල් වලට උවමනා දේ ඕනෙවටත් වැඩිය කෙරෙනවා ,කෝ රටේ ඩොලර්ස් ?අපිද අරගත්තේ ?චන්දේ චන්දෙ ලැබුනම තමයි විදේශ කුමන්ත්‍රණ
බැසිල්ගේ පස්සෙන් ගියාට වැටෙන්න දෙයක් නැහැ .මේ වගේ පම්බයින්ට රට ගියොත් බැසිල් තමයි රටේ නියම ජනාධිපති වෙන්නේ
මෙයාගේ කතා හොඳයි කඩුවෙල පෙර පාසලේ ටීචර්ලාට...