(නිමල කොඩිතුවක්කු)
සෞභාග්‍යය කෙසේ වෙතත් ආණ්ඩුව සාගතයකට රටට කැදවාගෙන යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හිතුවක්කාරී ලෙස ආණ්ඩුව ගනු ලැබූ පොහොර තහනම ඇතුළු තීරණ හේතුවෙන් රට දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන යටතේ පුත්තලම මුලික රෝහලට රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
"විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනෙහි 19වන පියවර ලෙස රුපියල් විසිතුන් ලක්ෂ හැට පන්දහසක් වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ පුත්තලම රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කෘෂිකාර්මික විශේෂඥයින් කීවද මේක අවුරුදු 5 ක විතර කාලයක් අරගෙන රසායනික පොහොර ක්‍රමයෙන් අඩුකරන්න කියල.වැඩක් සාර්ථක වෙන්න නම් ඒ සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතුයි..
හරි ආස ඇති..., ගොඩ වැඩිකරගන්න.
සාගතය ජනතාවට මිසක් මුදලාලිලාට නෙවෙයි. එයාලට බිලියන ගණනින් බදුසහන සහ බදු කපාහැරීම් ලැබෙනවා...
ආස ඇති එහෙම වෙනවා නම් මේ ගොල්ලෝ... කියන්න ලේසියි. කරනකොට අපි දැක්කනේ ඔයගොල්ලොත්.
අහෝ ! දෙව්දත් නොදත් මොක්පුර...
මෝඩකමේ අගතැන්පත් හරකුන් හිතන්නේ බඩ ගැන පමණක් බවට මෙය කදිම උදාහරණයකි.
ලෝකයම මේ තරම් වසංගතයකට මුහුණ දීලත් මිනිස්සු මෙහෙම හරි කනවා. අපිට මතකයි ඔහේලගේ කාලේ ඒ මොනවත් නැතුවත් මිනිස්සුන්ට ක්‍රෝටන් කොළ කන්න කියපු අතීතය... !!!
මේ මහත්තයට කවදද කිසිදෙයක් තේරුනේ? මේ රට හදන්න බැරි ප්‍රධාන හේතු දෙකයි තියෙන්නේ. ඉස්සර රට හදන්න ආණ්ඩුවට බලය මදි.
ඔබතුමා මොනවද මේ කියන්නේ..? මෙහෙ එහෙම සාගත එන්නේ නැහැ. සීනි නැතිව තේ බීපු, මිරිස් නැතිව හොදි කාපු, මැතිණි කියනවා නම් පිදුරු වුණත් කන්න ලෑස්තිවෙලා හිටපු සෙට් එකෙන් පැවත එන පරම්පරාවක් අපේ රටේ ඉන්නවා. ලංකාවේ දේශීයව නිෂ්පාදනය කරන පුන්නක්කු සහ රසායනික පොහොර නොමැතිව වගාකරන තණකොළ අවශ්‍ය තරම් තිබෙනවා.
තාමත් බඩ දේශපාලනේ.. මේ පීඩිත පන්තිය නැතිනම් ඉඳලා හමාරයි.
කව්ද කිව්වේ අරුන්දතී රෝයි මැතිතුමාද? එ්කත් අර පස්දුන් කොරලේට දෙවැනි නැහැ.