IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

(අංජුල මහික වීරරත්න)

රට ශක්තිමත් කළ සැණින් ජනපති මැතිවරණ වැලක් ලබාදෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා මාධ්‍ය හමුවක දී  අද(13) පැවසීය.

මීට මාස කිහිපයකට පෙර බොහෝ දේශපාලකයන් ඉල්ලුවේ ඡන්ද නොව හැංගෙන්න තැනක් බව කී වජිර අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගෙන කෙටි කාලයක් ඇතුළත රට යම් සාමාන්‍යකරණ තත්ත්වයකට රැගෙන පැමිණ තිබෙන බව ද සඳහන් කළේය.

දැන් අවශ්‍ය වන්නේ මැතිවරණයක් නොව රට ජාතික මාවතකට ගැනීම සඳහා අරගලයක් බව කී වජිර අබේවර්ධන මහතා මේ මොහොතේ මැතිවරණ ඉල්ලීම යනු රට නැවත කුණු බක්කියට ඇද දැමීම බවද සඳහන් කළේය.

වැටුණු රට අනිවාර්යයෙන්ම ලබන අප්‍රේල් මාසය වන විට ජනාධිපතිවරයා විසින් ඔසවා තබනු ඇති බව කී අබේවර්ධන මහතා ඊට පසු රට මෙලෙස වැටෙන්නට හේතු සොයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම එම හේතු ඉවත් කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.



අදහස් (12)

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

de silva Thursday, 13 October 2022 01:41 PM

හිතාගෙන ඉන්නේ අපි බයියෝ කියලද ?අපට ව්‍යස්තාවෙන් හිමිවෙලා තිබෙන චන්ද අයිතිය උදුරාගන්න කටයුතු කලොත් අපි පාරට බැහැලා සටන් කරනවා

:       39       32

charith Thursday, 13 October 2022 01:55 PM

යුද්දය දිනුවොත් දේශපාලනයෙන් යනවා කියපු බුවෙක් තමයි මේ දෑන් ආපහු වෑඩ්ඩා වෙලා ඉන්නෙ.............

:       3       48

Nelum Thursday, 13 October 2022 02:17 PM

කරපු ශක්තිමත් බව හොඳින් තේරෙනව. රටම කාබාසිනිය කරන්නේ නැතිව නමිබු තියනවනමි කරැණාකරල යන එකයි ඇත්තේ. වැල් අවශ්‍යය නැහැ. මහජනයා වෙලාවට දෙයි.

:       5       35

sena Thursday, 13 October 2022 02:33 PM

එක අර අන්දරේ ගල උස්සලා මගෙ කරේ තියපන් කිවා වගේ වැඩක් - ඔබතුමාලාට මෙරට ශක්තිමත් කරන්න බැහැ කියලා ඔප්පුවෙලා ඉවරයි. එක නිසා ඔබතුමාලා ගෙඩර යන්න. ඉට පස්සෙ මහජනයා කැමැත්තක කරයි.

:       3       28

Sunil Thursday, 13 October 2022 03:02 PM

එහෙම නම් මේ කපේදී චන්දයක් තියන්න බැරි වෙයි .බොරු කයිවාරු ගහන්නේ නැතුව අඩුම තරමින් ලබන මාර්තුවේදී පළාත් සභා මැතිවරණ පවත්වන්න .ජනතාවගේ හැඩ ගැසීම එදාට හොඳින් පැහැදිලි වෙයි .

:       3       20

Kumara Thursday, 13 October 2022 03:22 PM

අර පද වැල වගේද

:       1       15

fairoos Thursday, 13 October 2022 05:02 PM

අනිවාර්යයෙන්ම ලබන අවුරුද්ද මුල තවත් අරගලයක් ඒවි. එතකොට ඔයාලට නන්දෙ වගේ දුවන්නත් ඉඩ නැතිවේවි.

:       0       0

sanjeewa Thursday, 13 October 2022 05:42 PM

අවලංගු කාසියක් වගේ මනුස්සයෙක් කියන කතා කවුද ගණන් ගන්නේ?ගාලු දිස්ත්‍රික්කයෙන් චන්ද 5000 ක් ගන්න බැහැ

:       0       0

rocky Thursday, 13 October 2022 05:43 PM

රට ශක්තිමත් වෙන්නේ කොහොමද ?ඔහෙලා රට කාගෙන ශක්තිමත් වෙන බව සයිස් එකෙන්ම පේනවානේ

:       0       0

Kapila Thursday, 13 October 2022 06:58 PM

එල්ලෙන්නත් වැලක් යෝයාගන්න ඇමතිතුමෝ.

:       0       0

Hemantha kumara Friday, 14 October 2022 04:48 AM

පිං මන්තීතුමෝ ඔබත් දිගුකල් ඉන්නද ලෑස්තිය.

:       0       0

Demuni Uduwara Friday, 14 October 2022 06:46 AM

2048 දී රනිල්ට අනුව?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site