
(අංජුල මහික වීරරත්න)
රට ශක්තිමත් කළ සැණින් ජනපති මැතිවරණ වැලක් ලබාදෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා මාධ්‍ය හමුවක දී අද(13) පැවසීය.
මීට මාස කිහිපයකට පෙර බොහෝ දේශපාලකයන් ඉල්ලුවේ ඡන්ද නොව හැංගෙන්න තැනක් බව කී වජිර අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගෙන කෙටි කාලයක් ඇතුළත රට යම් සාමාන්‍යකරණ තත්ත්වයකට රැගෙන පැමිණ තිබෙන බව ද සඳහන් කළේය.
දැන් අවශ්‍ය වන්නේ මැතිවරණයක් නොව රට ජාතික මාවතකට ගැනීම සඳහා අරගලයක් බව කී වජිර අබේවර්ධන මහතා මේ මොහොතේ මැතිවරණ ඉල්ලීම යනු රට නැවත කුණු බක්කියට ඇද දැමීම බවද සඳහන් කළේය.
වැටුණු රට අනිවාර්යයෙන්ම ලබන අප්‍රේල් මාසය වන විට ජනාධිපතිවරයා විසින් ඔසවා තබනු ඇති බව කී අබේවර්ධන මහතා ඊට පසු රට මෙලෙස වැටෙන්නට හේතු සොයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම එම හේතු ඉවත් කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතාගෙන ඉන්නේ අපි බයියෝ කියලද ?අපට ව්‍යස්තාවෙන් හිමිවෙලා තිබෙන චන්ද අයිතිය උදුරාගන්න කටයුතු කලොත් අපි පාරට බැහැලා සටන් කරනවා
යුද්දය දිනුවොත් දේශපාලනයෙන් යනවා කියපු බුවෙක් තමයි මේ දෑන් ආපහු වෑඩ්ඩා වෙලා ඉන්නෙ.............
කරපු ශක්තිමත් බව හොඳින් තේරෙනව. රටම කාබාසිනිය කරන්නේ නැතිව නමිබු තියනවනමි කරැණාකරල යන එකයි ඇත්තේ. වැල් අවශ්‍යය නැහැ. මහජනයා වෙලාවට දෙයි.
එක අර අන්දරේ ගල උස්සලා මගෙ කරේ තියපන් කිවා වගේ වැඩක් - ඔබතුමාලාට මෙරට ශක්තිමත් කරන්න බැහැ කියලා ඔප්පුවෙලා ඉවරයි. එක නිසා ඔබතුමාලා ගෙඩර යන්න. ඉට පස්සෙ මහජනයා කැමැත්තක කරයි.
එහෙම නම් මේ කපේදී චන්දයක් තියන්න බැරි වෙයි .බොරු කයිවාරු ගහන්නේ නැතුව අඩුම තරමින් ලබන මාර්තුවේදී පළාත් සභා මැතිවරණ පවත්වන්න .ජනතාවගේ හැඩ ගැසීම එදාට හොඳින් පැහැදිලි වෙයි .
අර පද වැල වගේද
අනිවාර්යයෙන්ම ලබන අවුරුද්ද මුල තවත් අරගලයක් ඒවි. එතකොට ඔයාලට නන්දෙ වගේ දුවන්නත් ඉඩ නැතිවේවි.
අවලංගු කාසියක් වගේ මනුස්සයෙක් කියන කතා කවුද ගණන් ගන්නේ?ගාලු දිස්ත්‍රික්කයෙන් චන්ද 5000 ක් ගන්න බැහැ
රට ශක්තිමත් වෙන්නේ කොහොමද ?ඔහෙලා රට කාගෙන ශක්තිමත් වෙන බව සයිස් එකෙන්ම පේනවානේ
එල්ලෙන්නත් වැලක් යෝයාගන්න ඇමතිතුමෝ.
පිං මන්තීතුමෝ ඔබත් දිගුකල් ඉන්නද ලෑස්තිය.
2048 දී රනිල්ට අනුව?