(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යෑම නිසා ඉදිරියේදී යම් හෙයකින් රට වසා දැමීමට සිදුවුවහොත් මාසික වේතනය ලබාගන්නා පුද්ගලයන්ටද ලොකු ගැටලුවක් ඇතිවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
එවැනි තත්වයකට රට පත් නොකිරීමේ වගකීම ඇත්තේද ජනතාව සතුව බවත් ජනතාව පූර්ණ එන්නත්කරණයට යොමුවී සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කිරීමෙන් එවැනි තත්ත්වයක් ඇතිවීම වලක්වා ලිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
වඩා වැදගත් වන්නේ පැතිරෙමින් පවතින්නේ කුමන වයිරස් ප්‍රභේදයද යන්න නොව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා බොහෝ පුද්ගලයන්ගේ හැසිරීම ගැන සතුටු විය නොහැකි බවද සඳහන් කළේය.
සමාජය තුළ පැතිර පවතින විවිධ මිථ්‍යා මත නිසා තෙවෙනි මාත්‍රාව ලබා ගැනීමට සමහරුන් මැලිකමක් දක්වන බව පෙනී යන බවත් එවැනි මිත්‍යා මතවලට නොරැවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.
කොවිඩ් ආසාදිතයන් 942ක් පෙරේදා වාර්තා වූ අතර එවැනි ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තාවීම සිදුවූයේ මාස හතරකට පමණ පසුව බවද හෙතෙම පැවසීය.
ඔමික්‍රොන් වයිරස් ප්‍රභේදය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේයැයි ද, කොවිඩ් මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදි ආකාරයට පිළිපැදීමට සැමදෙනා හිතට ගත යුතු යැයිද හේමන්ත හේරත් මහතා පැවසීය.
කොවිඩ් තුන්වැනි මාත්‍රාවමෙතෙක් නොගත් අය ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ ප්‍රධාන රෝහලකට ගොස් එන්නත ගන්නා ලෙසද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් කරුණාකරලා සියලුම රැස්වීම් අවලංගු කරන්න. එය රජයේ, විපක්ෂ, ක්‍රීඩා, ආගමික හෝ පෞද්ගලික වේවා... ඔබේ බලතල අනුව ක්‍රියාකරන්න. ලොක්කන්ට එක විදිහකුත්, පොඩි සාමාන්‍ය ජනතාවට එක විදියකුත් එපා. නීතිය සැමට පොදු වෙන්න ඕනෑ. රටේ ඉහළම අයට කරන්න පුළුවන්.., නමුත් පොඩි සාමාන්‍ය ජනතාවට කරන්න එපා කියලා විතරක් කියන්න එපා... අවවාදයට වඩා ආදර්ශය උතුම්..!
ඇයි බියගම මැෂිම කැඩිලාද? සල්ලි අච්චු ගහන... අනේ ඔබතුමාට අදාල දේ කතා කරන්න. යන්න ඕන හැමතැනම යන්න ඉඩදීලා දැන් කියනවා පරිස්සම් වෙන්නලු...
පුදුමය කියන්නේ බොහෝ අය පළමු සහ දෙවන එන්නත් ලබාගන්න පෝලිම් වල ගහමරා ගත්තා.. වෙනත් වෙනත් ප්‍රදේශ වලටත් ගිහින් එන්නත ලබා ගත්තා. නමුත් බූස්ටර් එක ගමටම ඇවිල්ලා දුන්නත් ගොඩක් අයට ඒ ගැන වුවමනාවක් නෑ. මාස්ක් දාන්න වුවමනාවක් නෑ. දුරස්ථ භාවය ගැන හැඟීමක්වත් නෑ. උත්සව, විනෝද ගමන් සංවිධානය කරන්නේ කවදාවත් ඒවා කරලා නෑ වගේ උනන්දුවකින්... මේ වෙලාවේ ජේ. ආර්. මහතාගේ තියරියටයි වැඩ කරන්න ඕන. "තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න" මේ වගේ වසංගතයකින් වෙනත් කෙනෙකුට බෑ ඔබව ගලවා ගන්න. ඔබගේ උනන්දුව සහ පරිස්සම නැතුව...
රට වහන්න ඕනෑ නැහැ. මිනිස්සුන්ට කන්නත් නැති වෙලා ඉවරයි දැනටම. වැහුවොත් චීනයේ අයියා ඇවිත් ඇරලා කරගෙන යයි.
මෙයාලා රටට ඕනෑවට වඩා නිදහස දීලා....
අයියෝ එව්වා කොහේද? බෝඩ් උස්සගෙන පාරවල් වහලා ඉල්ලීම් දිනාගන්න මිනිස්සු එනකල්... අන්තිමට දින්නා නෙමෙයි, ගත්තා කියලා කියන්නේ...
තව රටපුරාම සංගීත සංදර්ශන තියන්න අවසර දීලා නීති දාන්න ඕන තැනට නීති නොදා මිනිස්සුන්ටම වැරැද්ද පටවලා ඉමු.. ගන්න පඩියට වැඩක් නොකරන තමුන්නාන්සෙලට කර්මය පඩිසන් දෙද්දි බේරගන්න නඩුකාරයෝ නැති වෙයි...
මෝඩ උගත්තු..., රට හැමතැනම සංගීත සංදර්ශන. පෝර්ට් සිටි පෝලිම්. අත්‍යාවශ්‍ය පෝලිම් රට පුරා. ඒවට විසඳුම් නැහැ. හම්බවෙන එකම සොච්චමට කෙළින්න හදන්නේ.. ඒ ගොල්ලන්ට නම් කොරෝනා කියන්නේ වසන්තයක්... පඩිය 40000කින් වැඩිකරගත්තනේ... කොරෝනා වාට්ටුව ඇතුළටවත් යන්නේ නැතුව අමතර දීමනා ඔක්කොම හම්බවෙනවනේ... පුදුම රටක්...!!!
මෙයාට ලොක්කා කිව්වට දන්නේ නැහැ. පඩි කපන්න වෙනවා කියලා වක්‍රව හීනියට කියලා දාන්න කියලා... මෙච්චර ඉන්ධන අර්බුදයක් තියෙද්දී නිදහස් සැමරුම් උත්සවේ පෙරහුරුවට ගුවන් යානා යවනවා. මේ මොන රටක්ද මම අහන්නේ? වෛද්‍යවරුත් පුද්ගලික සේවයේ යෙදෙන ගමන් ලස්සනට අතිකාලෙ එහෙමත් ගන්නවනේ.. අනිත් මිනිස්සු වැඩකරලා පඩිගන්නකොට...