(සුජිත් හේවාජුලිගේ)
රට විවෘත කළ පසුව අවුරුදු සමයේදී මෙන් අප්‍රේල් වසන්තයක් උදා කරගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එසේ වගකීම් විරහිතව කටයුතු කළහොත් කොරෝනා රැලි යළිත් මතුවීම වැළැක්විය නොහැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
රට විවෘත කළ පසු ජනතාව මාස දෙක තුනක් යනතුරු සෞඛ්‍ය නීති තදින්ම පිළිපදිමින් වගකීම් සහගතව කටයුතු කළ යුතු වන බවද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු රට විවෘත කිරීම සම්බන්ධයෙන් තමාට යම් උපදෙසක් ලබාදෙනු ඇතැයි පැවසූ යුද හමුදාපතිවරයා රටේ කොරෝනා ව්‍යාප්තිය සතුටුදායක ලෙස පාලනයවී ඇති බවද පෙන්වා දුන්නේය.
රටේ කොරෝනා ව්‍යාප්තිය ඉදිරි මාස දෙක තුනේදි තවදුරටත් අඩු වනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි බවද ඔහු කීවේය.
කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රඳවා රැක බලාගැනීමේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකවූ බවත් කොරෝනා පැතිරීම පාලනයට එය ලොකු පිටුබලයක්වූ බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
රට විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශද සකස් කෙරෙමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර රටේ මුළු ජනගහනයෙන් සියයට 51කට පමණ කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර ඇතැයි පැවැසූ යුද හමුදාපතිවරයා සෙසු වයස් කණ්ඩායම්වල ජනතාවටද එන්නත කඩිනමින් ලබාදී අවසන් කිරීමට බලාපොරොත්තුවන බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික ස්ථාන ආශ්‍රිතව කොරෝනා පොකුරු නිර්මාණය වෙන්න පුළුවනි
බාර්,තැබෑරුම් ඇරලා සෙනඟ පොරකකා හිටපු හැටි දැක්කේ නැතෑ.
බයවෙන්න එපා ඔබතුමා කොහොමත් ඉස්සරහට වසන්තය නෙවෙයි කන්න විදියහක් නැතුව ඉන්නේ.
වසන්තයකට තියා කන්නවත් දෙයක් නැතුව අපි ඉන්නේ.
මොකද මේ නින්දෙන් නැගිටලා වගේ , අප්‍රේල් වසන්ත කරේ ආණ්ඩුවෙන් ඒව මතක නැද්ද ....
මහත්තයෝ ඕවා අපේ මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ.
එකනම් ඇත්ත. රජයට අපි විරුද්ධ වුනත්, පක්ෂපාතී වුනත්. දැන් නම් බාර් වල පොලිම් නැහැ. බාර් වහලා ආයෙත් ඇරියොත් තමයි ලොකු පොලිම් ඇතිවෙන්නෙ. ලොකු පාටි දාන්නෙ නැතිව ඉමු.
ඕක කියන්න අර වසන්ත උදානය සංවිධානය කරපු අයට.