(සුජිත් හේවාජුලිගේ )
සංචරණ සීමා කාලසීමාවේදී ජනතාව නිවෙස්වලටම වී සිටියොත් ලබන 14 වැනිදා රට නැවත විවෘත කිරීමට හැකිවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මහතා පවසයි .
රට විවෘත කිරීමේ තීරණය පවතින්නේ ජනතාව අතේ බවත් ජනතාව මේ අවස්ථාවේදී නිරෝධායන රෙගුලාසි පිළිපදිමින් සෞඛ්‍ය අංශවලට උපරිම සහාය ලබාදිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කරයි .
අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට නිවසෙන් පිටව නොයෙන්නයිද ඔහු ජනතාව ගෙන් ඉල්ලීමක් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට එළියට යන්න බැරිද සර්..?
රෝගීන් ගණන සහ මරණ ගණන එන්න එන්නම වැඩි වෙද්දී රට අරින්නේ කොහොමද? නිකන් මෝඩ කතා කියන්නේ නැතිව ඉන්නවද?
අත්‍යාවශ්‍ය හේතු නොමැතිව සංචරණ නීති උල්ලංඝනය කරන දේශපාලකයින්ට වෙනම නීතියක් තිබේද? ඔවුන් අත්‍යාවශ්‍ය රාජකාරී වශයෙන් ගැසට් කර තිබේද? මේවා බරපතල ප්‍රශ්න මේ වෙලාවේ..!!!
රටවහගෙන ඉන්නේ තාමත්, එන්න එන්නම මරණ සහ කෝවිඩ් ආසාධිතයින් වැඩි වෙන නිසා... රට අරින්නේ කොහොමද එහෙම තත්ත්වයක.. ?
ලබන බදාදා වෙනකොට සංචරණ සීමා 21 දක්වා දික්කරනවා කියන්න සෑහෙන... හේතු තියෙනවා.
මේ ගොල්ලෝ කොහොමත් ඉඟි බිඟි පාන්න තමයි වැඩිය දක්ෂ...
රට ඇරියොත් රටම ගොඩ. රට වැහුවොත් කොරෝනා ගොඩ..
පොඩි අපි නම් ගෙදර... ලොකු මිනිස්සුන්ට නම් මොනවත් නීති නැහැ. ඒකයි අවුල්...
මේවා වලංගු පොඩි අයට විතරයි කොහෙමත් මේක දික් කරන්න වෙනවමයි