(ඩයනා උදයංගනී)
ඉදිරියේදී රට විවෘත කිරීම සිදුකරන විට පාසල්ද විවෘත කිරීමට සැලසුම් කළ යුතු බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසීය.
දරුවන්ගේ කායික මානසික සුවතාවය ආරක්ෂා කරගැනීම සඳහා පාසල් යළි ආරම්භ කිරීම ඉතා වැදගත් බව මහාචාර්යවරයා සඳහන් කළේය.
දරුවන් නිවෙස්තුලට වී දුරස්ථ අධ්‍යාපනය ලැබීමේ ආදීනව ඉදිරි වසර පහ හය අතර කාලයෙන් පසු දැකගැනීමට ලැබෙනු ඇති බවත් පාසල් තවදුරටත් වසා තැබීම මගින් දරුවන්ගේ හැකියාවන් මොටවී යාහැකි බවත් විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාසල් යැවීම සඳහා දරුවන් දැන් සිටම කායිකව හා මානසිකව සූදානම් කිරීම දෙමව්පියන්ගේ වගකීමක් බව ද වෛද්‍යවරයා පැවසීය.
විශේෂයෙන්ම ආහාරවේල් නිසි පරිදි ලබාගැනීම, ප්‍රමාණවත් නින්දක් ලැබීම, ශරීර ක්‍රියාකාරීත්වය, ව්‍යායාම ආදිය දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනයවීමට වැදගත් බැවින් දෙමාපියන් ඒ කෙරෙහි සැලකිලිමත් විය යුතු බව හෙතෙම කීය.
දරුවා දුරකතනයට ඇබ්බැහි වී ක්‍රීඩා කිරීම ආදියෙන් ඈත්වීම සුදුසු තත්වයක් නොවන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
පාසල් වසා තැබීමෙන් උසස් පන්තිවල දරුවන්ට මෙන්ම පෙර පාසල් හා ප්‍රාථමික පන්තිවල දරුවන්ට ද කුසලතා වර්ධනය කරගැනීමේ ගැටලු මතුවන බව කී වික්‍රමසිංහ මහතා දුරස්ථ අධ්‍යාපනයෙන් සියල්ල ලබාදිය නොහැකි බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ගගත අධ්‍යාපනය හරහා විෂය කරුණු යම්තාක් දුරකට ලබාදිය හැකිය. නමුත් ඔවුන්ට වසරකට වැඩි කාලයක් ප්‍රයෝගික පරීක්ෂණ, ක්‍රියාකාරකම් අතහැරී ඇත. තවද මාර්ගගත විභග වල ගුණාත්මකභාවය ගැටළු සහගතයි. වසර 2කට අසන්න කාලයක් වාර විභාග 5 කට මුහුණ දී නැත. දරුවා, ගුරුවරයා සහ දෙමව්පියන් සැබවින්ම දරුවාගේ අධ්‍යාපන මට්ටම කෙලෙසදැයි ප්‍රමාණාත්මකව නොදනී. කොවිඩ් නිසා ආර්ථිකයට වන මැතකාලීන බලපෑමට වඩා අධ්‍යාපනය ක්‍රමවත් නොවීම නිසා රටේ අනාගතයට දිගුකාලීනව සිදුවන අහිතකර බලපෑම අතිශය විශාලයි. දරුවන් යනු රටේ අනාගතයි ඔවුන් විසින් මතු දිනක රටේ සියලුම රැකියා හා පරිපාලන අවස්ථා සැපිරිය යුතුය. කොරෝනා කොතෙක් කල් අප ජීවිතයට බලපෑම් කලත් කාලය ගතවී දරුවන් අනාගත දිනක වගකීම් දරා රට කරවීමට සෑමඅතින්ම සුදානම් විය යුතුය. සාමාන්‍ය තත්වයන් යටතේ ඉහත සුදානම සඳහා ක්‍රමවත් අඩිතාලමක්, ඒමත දැනුම් හා අත්දැකීම් සම්භාරයක් එක් කරනුයේ පාසැල යි. මේ බව වටහාගත් ලෝකයේ බොහෝ රටවල් මෙම අර්බුද හමුවේ වුවද සාමාන්‍ය ආකාරයට පාසල් පැවැත්වීමට පියවර ගෙන ඇත. එසේ ගත් කල අප සිටිනුයේ කෙතරම් පිටුපසින්ද?
පාසැල් දරුවන් සමාජයේ ප්‍රධාන ජාලය වන හෙයින් දරුවන් අනතුරේ හෙළීමෙන් තොරව මොළයෙන් සිතීම හොඳය.
දැන් තමයි පාසල් මතක් වෙලා තියෙන්නේ
පාසල් ආරම්භ කිරීම ඉතා ප්‍රවේශමෙන් කළයුත්තක්. ලංකවේ පාසල් වසාතිබුනාට මාර්ගස්ථ ක්‍රමයට යම් ප්‍රමාණයකට අධ්‍යාපන කටයුතු සිදුවුනා. පසුගිය මාස 2ක් ගුරු වර්ජනය නිසා දරුවන්ට කාලය පලදායී ලෙස යොදාගැනීමට නොහැකිවූ බව සත්‍යක්. බටහිර රටවල පාසල් විවෘත කළා කියලා ලංකාවේ ඒ ආකාරයටම නොකළ යුතුයි.
හෙට මෙතුමත් කියාවි මන් මෙහෙම දෙයක් කිව්වෙ නෑ..මන් කියපු දේ විකෘර්ති කරල දාල කියලා ... පොඩි ලමයින්ට උනත් ඉතින් තේරුම් ගන්න පුලුවන් නේ ජීවිතය වටිනව කියල ඔක්කොටම වඩා කියල.
මේ කතාවත් නිවැරදිව පලවුණා දැයි නොදනිමි. දැන් උගතුන් පාසල් විවෘත කරවීමට දඟළන එක ගැන යම්කිසි සැකයක් මතුවන්නේ මේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයා අප හිතනවාට වඩා වෙනස් අරමුණු ඔස්සේ ක්රිියා කරන බැවිනි. මම ඉන්නේ පිට රටකය.මෙහි තවම පාසල් විවෘත කර නැත. එයට තවම කාලය නොවේ
මෙතුමා කියන දේට මම එකඟයි.. අඩු තරමින් පුද්ගලික පාසල් අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ කරන්න ඉඩදිය යුතුයි.